Friday, 22 January 2021 - 12:41
ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගමේ ගින්නක්
...
 ඉන්දියාවේ පූනේ නගරයේ පිහිටි සිරම් එන්නත් නිෂ්පාදනයේ ආයතනයේ ඇතිවූ ගින්නෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

සිරම්  එන්නත් නිෂ්පාදන ආයතනය ලොව විශාලතම එන්නත් නිෂ්පාදන ආයතනය ලෙස වාර්තා වෙනවා.

මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර ගින්න හේතුවෙන් කොවිඩ් එන්නත් නිෂ්පාදනයට බාධා සිදුවී නොමැති බව වාර්තා වේ.

සිරම් ආයතනය සෙසු එන්නත්වලට අමතරව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රසෙනෙකා සමාගමේ කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා මිලියන ගණනක් නිෂ්පාදනය කරයි.
 
එම ආයතන පරිශ්‍රයේ පිහිටි විශාලතම ගොඩනැගිලි සංකීර්ණයේ ගින්න හටගෙන ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ගින්නත් සමග එහි සිටි විද්‍යාඥයන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය ඉවත්කිරීමට පියවර ගෙන තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.


More News
...
Saturday, 06 March 2021 - 9:24

තමන් අකමැති පුද්ගලයකු සමඟ ප්‍රේම සබඳතාවයක් පැවැත්වීම හේතුවෙන් තම දියණිය ඝාතනය කර ඇයගේ හිස කඳින්...   Read more

...
Friday, 05 March 2021 - 16:33

 ‘ඇමරිකාවේ ඉහල පෙළේ රැකියාවක් නිරත වූ ෆර්න්ට ඇගේ රැකියාව අහිමි විය. ඒ සමයේදීම ඇගේ සැමියා ද අහිමි...   Read more

...
Friday, 05 March 2021 - 15:14

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කිරීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව, අති උතුම් ෆ්‍රැන්සිස්...   Read more

දවසේ වීඩියෝව