Friday, 22 January 2021 - 13:08
පාසල් දරුවන්ට මත්ගුලි අලෙවි කළ වෙළෙන්දා
හිඟුරක්ගොඩ නගරයේ වෙළෙඳසලකින් පාසල් සහ පෞද්ගලික පංති යන දරුවන්ට මදනමෝදක (මත්ගුළි) අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව උපාය දුතයකු යොදා මත්ගුලි 2200ක් (කිලෝ 22ක්) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.
මෙම වෙළෙඳසල් හිමියා විසින් කලක පටන් පාසල් දරුවන්ට සහ විවිධ තරාතිරම්වල තරුණයන්ට මත්ගුලි අලෙවි කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
මෙම වෙළෙඳසල පිහිටා ඇත්තේ හිඟුරක්ගොඩ නගරයේ පෞද්ගලික පංති විශාල ප්‍රමාණයක් පිහිටා ඇති මාර්ගයක බැවින් එහි යන පාසල් සිසුන් මෙම වෙළෙඳසලෙන් මත්ගුලි ලබා ගන්නා බවට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කළ බවත් එහි දී මත්ගුලි 2200ක් අත්අඩංගුවට ගත් අතර වෙළෙඳසල හිමිකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මීට පෙර පාසල් දරුවන්ට මත්ගුලි අලෙවි කිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අයකු බවද පොලීසිය සඳහන් කළා.
උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සහ පොලොන්නරුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ නියෝග පරිදි පොලොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි නිශාන්ත රත්නපාල මහතාගේ මෙහෙයවීමෙන් පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රශන්න ජාගොඩ මහතාගේ සහභාගීත්වයෙන් උප පොලිස් පරීක්ෂක හේමන්ත, උප පොලිස් පරීක්ෂක රත්නසිරි, පොලිස් සැරයන් 16614 මානවඩු, පොලිස් කොස්තාපල් 74345 සිල්වා, 71400 මහේෂ් යන නිලධාරින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් මත්ගුලි සහ සැකකරු අධිකරණ කටයුතු සිදු කිරීම සඳහා පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් හිඟුරක්ගොඩ පොලීසියට බාර දී ඇති බව සඳහන්.