පන්සලේ ඉඩමත් හමුදාවට දන් දුන්නු සිරිසගබෝ හාමුදුරුවෝ
ලලාට ධාතුන් වහන් සේලාගෙන් පහස ලද සේරුවාවිල රජ මහා විහාරය පිහිටි පුණ්‍ය භූමියට පුරාණ රජදරුවන් විසින් පරිත්‍යාග කරන ලද අක්කර දහසක පුණ්‍ය භූමියෙන් කුඹුරු ඉඩම් අක්කර දහයක් යුද හමුදාවේ 22 විජයබාහු පාබල රෙජිමේන්තුව සදහා සේරුවිල මංගල රාජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තානන්ද නායක හිමි විසින් පරිත්‍යග කර තිබෙනවා.
මෙම කුඹුරු යායේ කාබනික ගොවිතැන් කටයුතු කිරීමට ලුතිනන් කර්නල් සුරංග රාමනායක ප්රමුඛ පාබල රෙජිමේන්තුව කටයුතු කරනවා.
බෞද්ධ පුනර්ජීවනය උදෙසා ප්රාදේශීයව විනාශ මුඛයට ඇද යන පරණ වෙහෙර විහාර පෞරාණික වස්තූන් සුරැකීමටත් බෞද්ධ සංස්කෘතිය රැක දීමටත් වෙර දරන සෙබල දරුවන් නිරන්තරයෙන් බෞද්ධ සිද්ධස්ථානයන් සමග මනා සබඳතාවය කින් යුතුව වැඩ කටයුතු කරනු ලබනවා.
මෙවැනි, රාජකාරියට පරිබාහිර වූ සමාජ සේවාවන් කරන්නට සෙබල දරුවන්ගේ සිත් තුලට මෛත්‍රිය ගොඩනංවන්නට දේශහිතෛෂි ත්වය සහ දේශප්‍රේමීත්වය මෙන්ම බෞද්ධ ආගමිකත්වය හදවත් තුළ රෝපණය කරන්නට මූලිකත්වය ගෙන කටයුතු කරන සෙබල දරුවන් සෙරුවිල නායක හිමිපාණන් සමඟ එක්ව එම බලප්‍රදේශය තුළ තිබෙන වෙහෙර විහාරස්ථාන සංවර්ධනයටත් තුන් වේලේ දානය ලබා දෙන්නටත් ආරක්ෂාව සපයන්න ටත් සිංහල දෙමළ මුස්ලිම් සමස්ත ජනයා තමන් වටා ඒකරාශී කර ගන්නටත් සමත්ව තිබීම හරිම අපූරු දර්ශනයක්..
සේරුවිල නායක හිමිපාණන් ගේ මුවින් ම පවසන පරිදි " මේ සෙබල දරුවෝ නං අපිට ඉතිහාසය විසින් මේ පුණ්‍ය භූමියන් රකින්න ගෙනත් දීපු වාසනාවේ නැවත ඉපදීමක්" අපේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත්තයා වගේ පින්වත් සිංහ පැටියෙක්ගෙ දරුවන් අපිට ලබා දීපු එකට අපි එතුමන්ට අපේ ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. "මේ වගේ රණකාමී තමයි එදා හිටියේ , අදත් ඒ වගේ මිනිස්සු අපිට ඉතුරු වෙලා තියෙනවා". සේරුවාවිල නායක හාමුදුරුවන් මේක පැවසූ ඉතාමත් හැඟීම්බර ලීලාවෙන්.
එවැනි සංවේදී වදනක් සේරැවාවිල නායක හාමුදුරුවන් ගේ මුවින් පිටවන්නට තරම් මෙම සෙබල දරුවන් සහ ඔවුන්ගේ නායකත්වය වාසනාවන්ත වී තිබෙනවා. බෞද්ධ පුනර්ජීවනයක් සමගින් ම සොභාග්ය් දැක්ම, දේශීය ආර්ථික යාන්ත්‍රණය පණගැන්වීමේ ක්‍රියාවලියත්, සිංහල දෙමළ මුස්ලිම් සියලු ම රටවැසියන්ට එකට ජීවත්වෙන්න හැකි පරිසරයක් නිර්මාණය කරන්ඩ යුද හමුදාවේ දරුවොත් එහි නායකත්වයත් සමත්ව තිබෙනවා.
සහරාන්ලා බිහිකරපු මුස්ලිම් අන්තවාදීත්වය මතු වන සමාජයක් ඉන් මුදවා ලන්නටත් එවැනි හුදකලා වූ සමාජයන් සමස්ථ සමාජයත් එක්ක සම්බන්ධීකරණය කරන්නටත් ඔවුන් සමග එකට වැඩ කරමින් සිංහල , දෙමළ ජන කොටස් වලට ආරක්ෂාවෙ සහ විශ්වාසයේ සහතිකය එම අහිංසක හිත් තුළ සහතික කරන්නටත් හමුදා සෙබළුන්ට හැකි වෙලා තියෙනවා කියන එක සේරුවිල හාමුදුරුවොයි ඒ පැත්තෙ අනිත් පන්සල්වල හාමුදුරුවොයි අපිට ප්‍රකාශ කරා.
පාස්කු ප්‍රහාරයට 2021 අප්‍රේල් 21 වැනිදාට අවුරුදු දෙකක් පිරෙනවා අළුයට ගිනි පුපුරු වගේ තියෙන වර්ගවාදී ජාතිවාදී ගැටුම් උත්සන්න වීමට වත් එළියට එන්නට ඉඩ නොදී , සිංහල , දෙමළ , මුස්ලිම් ගම්මාන එකා මෙන් ආරක්ෂා කරන්නටත් ඔවුන්ගේ ජීවත්වීමේ නිදහස ලබා දෙන්නටත්, ඔවුන්ට ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්නටත්, ඒ විශ්වාසය දෙන්නටත් මෙම ආරක්ෂක අංශවල රාජකාරි කරන සෙබළුන්ට හැකිවෙලා තියෙනවා.
22 වන සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජනරාල් චන්න වීරසූරිය ගේ උපදෙස් මත මෙන්ම 222 වන බල සේනාවේ බල සේනාධිපති, කර්නල් විරාජ් විමලසේන ජේෂ්ඨ නිලධාරීන් තුමන්ලාගේ අධීක්ෂණයත් මඟපෙන්වීමත් මත මේ හැමදේම සිදුවන්නේ ඉතාමත් උද්යෝගිමත් විදිහට. ඒ වෙනුවෙන් දෙනු ලබන දිරිගැන්වීම හා සහයෝගය වෙනුවෙන් මම එතුමන්ලටත් ස්තුතිවන්ත වෙනවා... යැයි සේරුවාවිල නායක හාමුදුරුවෝ ප්‍රකාශ කළා.
ඒකට ප්‍රධාන හේතුව විදිහට මේ හාමුදුරුවරු දකින්නේ හමුදා සෙබළුන්ගේ තියෙන විශිෂ්ට සමාජයට සංවේදී බිමට බැහැලා කතා කරන, ඕනම කෙනෙක්ට හදවතින් කතා කරන්න පුළුවන් තියෙන මානුෂීය හැකියාව. ඒක ලැබිලා තියෙන්නේ අපේ ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිතුමාගේ සහ ජනාධිපතිතුමාගේ තියන ශක්තියත් එක්ක.
රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නට හැමෝටම බැහැ ,හැම නායකයාට මත් බැහැ, තනතුර, බලය තිබ්බට තමන්ගේ ලේ වලින් එන්ඩ ඕන සාධකයක් තමයි දේශප්‍රේමීත්වය දේශහිතෛෂී කියන්නේ.
එවැනි නිලධාරීන් සහ සෙබළුන් පිරිසක් එක්ක නව කෘෂිකාර්මික ආර්ථික රටාවක් සේරුනුවර ගොවි ජනතාවට පුරුදු කරන්ඩ සේරුවිල නායක හාමුදුරුවෝ දැඩි උත්සාහයක නිරත වෙනවා.ඒ උත්සාහය යතාර්ථයක් වන්නට තියෙන එකම සාධකය මෙම හමුදා දරුවන්ගේ තියෙන සහාය කියන එක විතරයි මේ පන්සල්වල ඉන්න භික්ෂූන් වහන්සේලා පවසනවා