Friday, 22 January 2021 - 16:12
ක්‍රිකට් ක්‍රීඩකයකු හා ක්‍රිකට් ප්‍රධාන වෛද්‍යවරිය සිදුවූ සිද්ධියේ ඇ(නැ)ත්ත
...
 
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන වෛද්‍යවරිය අතර සිදු වූ බව කියමින් සිද්ධියක් ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අතර සංසරණය වෙමින් තිබේ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ වෙනත් කිසිදු වගකිවයුතු පාර්ශවයක් මේ සම්බන්ධයෙන් නිල අදහසක් දක්වා නැත.
 
නමුත් දැනට කරුණු වාර්තා වන ආකාරයට පුවත්වල පළවන සිද්ධිය සහ සැබෑව අතර බරපතළ පරස්පරතා ඇතැයි වාර්තා වේ. වාර්තාවන ආකාරයට මෙම තොරතුරු එළියට එන්නේ කුමන්ත්‍රණයක ප්‍රථිඵලයක් වශයෙනි.
 
මේ වනවිට මූලික ආරංචිය හෝ ඕපාදූපයට විවිධ හැඩතල තිබේ. සිද්ධියට සම්බන්ධ බව කියන ක්‍රීඩකයා සහ වෛද්‍යවරිය ක්‍රීඩකයා රැඳී සිිටින හෝටල් කාමරය තුළ ලිංගිකව එකතු වූ බව කියමින් මුලින් ආරංචි පළ වූ අතර, පසුව එය  වැසිකිළියකට විතැන් විය. අනතුරුව දකුණු අප්‍රිකානු සංචාරයත්, තවත් ක්‍රීඩකයන් තිදෙනෙකුත් එම ලැයිස්තුවට එකතුවිය. 
 
මේ තරගාවලිය තුළ ක්‍රීඩකයන් සහ සියලු නිලධාරීන් රැඳෙන්නේ සෞඛ්‍යාරක්ෂිත බුබුළු ක්‍රමවේදය යටතේය. එහිම සිටින විශ්වාසදායී අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි මේ පැතිර කියන සිද්ධිය සහ පවතින තත්ත්වයන් හාත්පසින්ම වෙනස්ය.
 
අදාළ වෛද්‍යවරිය ශ්‍රී ලංකා ක්‍රිකට් සමග සම්බන්ධවීමෙන් පසු දකුණු අප්‍රිකානු සංචාරයටත්, එංගලන්ත සංචාරයටත් කණ්ඩායම සමග එක්ව තිබේ. කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් පවසන පරිදි සැබැවින්ම ඇය සමාජශීලී, මිත්‍රශීලී චරිතයකි.
 
ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තුවාය රැගෙන ගොස් දීම ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ලෙස ඇයට අයත් කාර්යයක් නොවූවද,  ඔවුන් සමග ඇති කුළුපගභාවය නිසාම ඇය සිය තනතුර හා රාජකාරිය පවා අමතක කරමින් එවැනි කාර්යයන් පවා කරන බවද ආරංචි මාර්ග පවසයි.ඇයට අද මුහුණ පාන්නට සිදුව ඇති ඉරණමට එකී ක්‍රියා පාදක වී ඇතැයිද කියවෙයි.
 
කෙසේ වෙතත් වඩා වැදගත් කාරණාව එය නොවේ. ක්‍රීඩකයාගේ හෝ වෛද්‍යවරියගේ කාමරය තුළ මෙවැනි දෙයක් සිදු වූයේ නම් CCTV දර්ශන මගින් එය සනාථ කරගැනීම ඉතා පහසු වීමයි. Le Grand වැනි හෝටලයක ඇති අධිතාක්ෂණික පහසුකම් හරහා එය ඉතා සරලය. එහෙත් තවම එවැන්නක් ගැන සඳහනක්වත් නැත. 
 
අනිත් අතට Bubble එක තුළ සිටින සියලු දෙනාගේ ඇස්වලට වැලි ගසා එවැන්නක් සිදු කිරීමට පුදුම තරමේ සූක්ෂ්ම සැලසුමක් අවශ්‍යය.
එවැනි පරිශ්‍රමයක් දරා ලිංගිකව එකතු වීම යනු විහිළුවකි. මන්දයත් අදාළ ක්‍රීඩකයාට හෝ වෛද්‍යවරියට ඒ තරම්ම "ඇරියස්" එකක් ඇතැයි සිතන්නට නොහැකි නිසාය. 
 
වෛද්‍යරිය එවැනි ගැටලුවක පටලවන්නට අවශ්‍යව ඇත්තේ කාටද යන්න අප සොයා බැලිය යුතුය.  මේ වෛද්‍යවරිය පැමිණි පසු ශ්‍රී ලංකා ක්‍රිකට්හි වෛද්‍යමය කාරණා සම්බන්ධයෙන් ගැටලු තිබූ ඇතැම් තැන් නිවැරදි කිරීමට උත්සාහ ගත් බව තතු දන්නෝ කියති.
 ඒ නිසා ඇය සමග ඇති කරගත් පෞද්ගලික කෝන්තර මත මෙය සිදුවන්නට ඇතැයි මධ්‍යස්ථ මතධාරීහු විශ්වාසය පළ කරති. එමෙන්ම මේ වෛද්‍යවරිය තනතුරට පැමිණීම නිසා කිහිප දෙනෙකුගේ සුපුරුදු ක්‍රියාකලාපයන්ට බාධා පැමිණීම තවත් හේතුවකි. එමෙන්ම ඇය ශ්‍රී ලංකා ක්‍රිකට්හි සේවයට පැමිණීමට පෙර ඇය සමග පුද්ගලික කෝන්තර හදාගත් පිරිසක්ද  සිටිති. මේ සියලු කාරණා අවසානයේ එකී සියල්ලන්ගේ කුමන්ත්‍රනය පිට කෙරුණේ අරක්‍රීඩකයාටත්, වෛද්‍යවරියටත් දරුණු කීර්තිනාම හානියක් සිදු කරමිනි. 
 
ඔය කියන කුමන්ත්‍රණයට මේ ක්‍රීඩකයාවම ඈඳාගන්නේ ඇයි?
 
මේ මොහොත වන විට මෙරට තුලත්, ජාත්‍යන්තර වශයෙනුත් වැඩිම අවධානයක් දිනාගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා මොහු බව කිවහොත් එය අවිවාදිතය.
 අවසන් වූ එල්.පී.එල්තරගාවලිය ඊට හොඳම සාක්ෂි සපයයි. එමෙන්ම මේ වෛද්‍යවරිය සහ ක්‍රීඩකයා අතර ඇති පුද්ගලික මිත්‍රත්වයද මෙවැනි චෝදනාවකට ඔහු ඇදදැමීමට හැකි හොඳම හේතුවකි. එමෙන්ම මේ ක්‍රීඩකයා ස්වභාවයෙන්ම තරමක් දඩබ්බරය. පිටියේදී පෙනෙන ඒ දඩබ්බරකම පිටියෙන් පිටතද එලෙසය. ඒ ගති ලක්ෂණ මෙවැනි සිද්ධියකට ඔහුව ආඳන්නට කදිම හේතුවකි. ඒ අනුව භාවිත කළ හැකි හොඳම තුරුම්පුව භාවිත  කොට ගේම් එක ප්ලේ කරන්නට අදාළ පිරිස කටයුතු කර තිබේ.
ඒ අතරවාරයේ කණ්ඩායමේ තැන තහවුරු කරගන්නට, නායකත්වයට ළංවන්නට උත්සාහ ගන්නා ක්‍රීඩකයන්ගේ වක්‍ර දායකත්වයද මීට ලැබී ඇතැයි කියවෙයි.
 
එහෙත් ඒ ගැන පැහැදිලිව පෙන්විය හැකි සාක්ෂ්‍ය නැති නිසා අපි ඒ ගැන කතා නොකරමු. එහෙත් මීට පෙරද ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ සිදු වූ දේ ගැන සිහිපත් කර බලන්නැයි පමණක් ඔබට මතක් කරමු. 
 
එසේම මෙවැන්නක් සිදු වූයේම යැයි කියමු. එසේනම් එවැන්නක් සිදුවනතුරු කණ්ඩායමේ කළමනාකරු  සිටියේ කොහේද? ඔහුගේ කණින් රිංගා මෙවැන්නක් සිදු කළ හැකි නම් ඔහුගේ රාජකාරියහාතනතුරින්ඇතිප්‍රයෝජනයකුමක්ද? කෙසේ වුවද ක්‍රිකට් ආයතනය දැන් මේ සිද්ධිය ගැන වාර්තාවක් ඉල්ලා ඇත්තේද ඔහුගෙනි. ඔහු සිය තනතුරින් ඉවත්ව යෑමට නියමිත නිසා යන යකා කොරහත් බිඳගෙන යන්නටද බැරිකමක් නැත. එවිට ඔහුගේ අඩුපාඩු මේ සිද්ධියෙන් වසා තබා ගැලවී යා හැකි හෙයිනි.
 
කෙසේ වුවද අවසානයේ අදාළ පිරිස සිය ඉලක්කය සාක්ෂාත් කරගෙන තිබේ. අදාළ වෛද්‍යවරිය මින්පසු ක්‍රිකට් කණ්ඩායම සමග සංචාර යෑම වළක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය විසින් තීන්දුවක් ගෙන තිබේ. ඒ අදාළ වෛද්‍යවරිය තවදුරටත් ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ලෙස තැබීමටත්, තරග සංචාර සඳහා වෙනත් පිරිමි වෛද්‍යවරයෙකු අලුතින් පත් කිරීමටත්ය. 
 
සැබැවින්ම මෙවැනි සිද්ධියක් සිදුව ඇත්නම් ඊට අදාළ විමර්ශන සිදුකර සුදුසු දඬුවමක් හෝ විනය ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන ගැටලුවක් නැත. අපේ අවංක අදහසද ඕනෑම තරාතිරමක ක්‍රීඩකයෙකු එවැනි ක්‍රියාවක නිරත වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නිසි නෛතික ක්‍රියා පටිපාටියක් අනුගමනය කළ යුතු බවයි. එහෙත් ඒ ආකාරයෙන් කිසිදු වගවීමකින් තොරව ඕපාදූපයකට අත්තටු දෙමින් කීර්තිනාම සංහාරයක් සිදු කළ අය සම්බන්ධයෙන්ද අනිවාර්යයෙන් සොයා බැලිය යුතුමය.


More News
...
Saturday, 06 March 2021 - 10:30

  උපත ලබන සෑම මිනිසකුට ම මරණය උරුම වෙයි. එය පොදු ධර්මතාවයි. එහෙත් මරණය අප සොයා එන්නේ කවර මොහොතක ද...   Read more

...
Friday, 05 March 2021 - 16:11

තනාපතිවරයකු වශයෙන් තමන් මාස දහයක කාලයක සිට පිං පඩියක් ලබාගන්නා බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති...   Read more

...
Friday, 05 March 2021 - 13:51

දිමන්ක වෙල්ලාලගේ ගායනා කරන ‘අහිංසකාවි’ ගීතය කා අතරත් ජනප්‍රිය වුණා.  සජිත් චතුරංග අතින් ලියැවුණු...   Read more

දවසේ වීඩියෝව