Friday, 22 January 2021 - 17:10
සැකකරුවෙකු සොයා පොලීසිය මහජන සහය පතයි
ගාල්ල දොඩන්දූව ප්‍රදේශයේ මුහුදු තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 මිලිග්‍රෑම් 947ක් හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 46ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 3ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු සමග බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පසුගිය දෙසැම්බර් මස 31 වන දින නාවික හමුදාව විසින් කරන ලද මෙහෙයුමකදීයි.
මෙම අවස්ථාවේදී යාත්‍රාවේ නියමුවා ලෙස පෙනී සිටි යද්දෙහිගේ ඉන්දික ලක්මාල් නැමැති 33 හැවරිදි සැකකරු පලාගොස් තිබෙනවා.
මොහු අංක 75, වැල්ලමඩම, රස්සන්දෙණිය, දෙවිනුවර,මාතර ලිපිනයේ මුල්පදිංචි කරුවෙකු වන අතර වර්තමාන පදිංචියි 29/2, රණසිංහ පාර, ජාඇල බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
අදාළ සැකකරු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතන අතර ඒ පිළිබඳ තොරතුරක් වෙතොත් 0718591876 (අධ්‍යක්ෂක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය) අංකයෙන් හෝ 0112447943 / 0112343333 පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනුවත් කරන ලෙසද ඉල්ලීමක් කළා.