Friday, 22 January 2021 - 17:17
අයි.එස්.අයි.එස් සංවිධානය බැග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම භාරගනී
ඉරාකායේ මධ්‍යම බැග්ඩෑඩ් හි ජනාකීර්ණ වෙළඳපොළක ඊයේ (21) එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහර දෙකෙහි වගකීම අයි.එස්.අයි.එස් සංවිධානය විසින් භාරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කළා.
මෙම බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 32 මරණයට පත්වී තවත් 100 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
බෝම්බ පුපුරාවා ගැනීමට පෙර ආරක්ෂක නිළධාරීන් විසින් ඔවුන් දෙදෙනා හඳුනාගෙන ඔවුන් හඹායනවිට මෙම පුපුරවා ගැනීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාකයේ සුන්නි මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් අයි.එස්.අයි.එස් හිතවාදී ෂියා මුස්ලිම්වරුන් විසින් මෙම ප්‍රහාර එල්ලකර තිබෙන බවද වාර්තා වෙනවා.
වසර තුනකට පසුව ඉරාකයේ සිදුවූ පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මෙය බවද විදෙස් මාධ්‍ය සදහන් කරනවා.