Friday, 22 January 2021 - 18:22
කොරෝනා එන්නත් පෙරහුරුව හෙට
කොරෝනා වෛරසය සදහා එන්නතක් මෙරටට ගෙන්වීමෙන් අනතුරුව එන්නත්කරණ ක්‍රියාවලිය පවත්වාගෙන යායුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් හෙට (23) පැවැත්වීමට සෞඛ්‍ය අංශ සැලසුම් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය,පිළියන්දල ප්‍රාදේශීය රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේදී එම පෙරහුරුව පැවැත්වෙන බවයි.
එන්නත්කරණ ක්රීයාවලිය ආරම්භ වීමෙන් පසුව උද්ගතවිය හැකි ප්‍රායෝගික ගැටලු හදුනාගැනීම සහ නිෂ්චිත වේලාවක් තුල කොපමණ පිරිසකට එන්නත ලබාදිය හැකිද යන මූලික කරුණු කෙරෙහි මෙම පෙරහුරුවේදී අවධානය යොමුකරන බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.
මේවනවිට කොරෝනා රෝගීන් 26 දෙනෙකු දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින අතර අනෙකුත් රෝගීන් සදහා මධ්‍යස්ථාන 79ක ප්‍රතිකාර කටයුතු සිදුවන බවයි ඔහු සඳහන් කළේ.