Friday, 22 January 2021 - 20:10
උදයංගය එරෙහිව සමගි ජන බලවේගයෙන් පැමිණිල්ලක්
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ මැදිහත්වීමෙන් යුක්රේන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය නිසා මෙරට පුරාවිද්‍යා පනත හා නිරෝධායන නීති උල්ලංඝණය වන බව පවසමින් සමගි තරුණ බලවේගය අද (22) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
සමගි තරුණ බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ ප්රචාරක ලේකම් රසික ජයකොඩි යන මහත්වරුන් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
සීගිරි බිතුසිතුවම් අසල නීති විරෝධී ලෙස ඡායාරූප ලබාගැනීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත උල්ලංඝණය වී ඇති බව ඔවුන් සිය පැමිණිල්ල මගින් කරුණු දක්වා ඇත.
මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක්ලසිදු කරන ලෙස ද මෙම පැමිණිල්ල මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.