Friday, 22 January 2021 - 21:44
අන්තර්ජාල ගණුදෙණු පිළිබදව මහ බැංකුවෙන් නිවේදනයක්
...
 

අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකතන යෙදුම් (ඇප්) හරහා විවිධ ආකාරයේ මූලය වංචා සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සදහන් වෙනවා.

එම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බවත් එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන්  සාමාන්‍ය ජනතාවගේ කාඩ්පත්වල (හරපත් හා ණය පත්) (ඩෙබ්ට් කාඩ් හා ක්‍රෙඩිට් කාඩ්) පෞද්ගලික රහස්‍ය තොරතුරු, අන්තර්ජාල බැංකුකරණයට අදාළ විස්තර යනාදිය ලබාගැනීමට උත්සාහ කරන බව ද එහි සදහන් වේ.

 එබැවින් මූල්‍ය ගනුදෙනුවලට යොමු වීමේදී ණය දෙන පාර්ශවයේ සම්පූර්ණ තොරතුරු ලබාගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින මහ බැංකුව හැකි සෑම අවස්ථාවකදීම නිසි පරිදි නියාමනය වන හෝ යම්කිසි නියාමන අධිකාරියක නියාමනයට ලක්වන ආයාතන කෙරෙහි විශ්වාසය තබන්නැයි පවසනවා.

 එමෙන්ම මෙම ගණුදෙණුවලදී තමන්ගේ කාඩ්පත් හෝ අන්තර්ජාල බැංකුකරණයට අදාළ මුරපද හෝ අනන්‍යතාව තහවුරු කරන විස්තර වෙනත් පුද්ගලයන් සමඟ හුවමාරු කර නොගන්නා ලෙසද මහ බැංකුව නිකුත්කළ නිවේදනයේ සදහන් වෙනවා.

 එමෙන්ම බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් ගනුදෙනු සම්බන්ධයෙන් එසැණින් තොරතුරු ලබාදෙන කෙටි පණිවුඩ සේවා සක්‍රීය කරගන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



More News
...
Friday, 05 March 2021 - 15:57

චයිනා හාබර් ඉන්ජිනේරු සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නවීන පොලිමරේස් දාම ප්‍රතික්‍රියා...   Read more

...
Friday, 05 March 2021 - 10:44

කූවේට් එයාර්වේස් හි  ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු සුදේශ් රුපසිංහ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න...   Read more

...
Thursday, 04 March 2021 - 13:35

මල් අපනයන කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දොළහක ආදායමක් පසුගිය වසරේදී (2020) මෙරට ලැබී ඇති බව ශ්‍රී...   Read more

දවසේ වීඩියෝව