Monday, 01 February 2021 - 9:57
අම්ම තාත්තගෙ වේගෙට කුරුළු පැටවුන්ට පියාඹන්න බෑ
...


සැබෑවටම ලෝකයේ පැවැත්මට මේ වගේ දක්ෂතාවන්ගේ සංකලනය අවශ්‍යම දෙයක්. මෙලොව ජීවත් වෙන හැම දරුවෙක් තුළම දක්ෂතාවක් තියෙනවා. හැබැයි මවුපියන් උත්සාහ කරන්නෙ තමන්ට අවශ්‍ය විදියට දරුවා නිර්මාණය කරන්න මිසක දරුවගෙ දක්ෂතා හඳුනාගෙන ඒ දක්ෂතා උද්දීපනය කරන්න නෙවෙයි.

 

මව්පියන් දරුවන් ගැන ගොඩක් හිතනවා. ඒ අය දරුවන් ගැන ගොඩක් උනන්දුවෙනවා. හැබැයි අපේ මව්පියන් එකම එක වරදක් කරනවා. ඒ අධ්‍යාපනය තුළින් පමණක්ම දරුවන්ගෙ අනාගතය සාර්ථක කරන්න හිතන එක. එතැන තමයි අපේ අයට වැරදුනේ. ඉතින් මේ අලූත් අවුරුද්දෙදි එන්න අපි ඒ වරද නිවැරැදි කරගෙන අපේ දරු පැටව් දක්ෂයන් අතර සැබෑ දක්ෂයන් බවට පත්කර ගනිමු.

 

හැම කුරුල්ලෙක්ම එක වගේ නැහැ...

    කුරුල්ලො කිව්වම හැම කුරුල්ලෙක්ම එක වගේ නැහැ. එකිනෙකාගෙ හැකියාවන් විවිධාකාරයි. ස්වරූපය වෙනස්. ඔයාලා හැමෝම දන්න ලස්සනම ලස්සන කුරුල්ලෙක් වුණු මොණරට වැඩි දුරක් පියාඹන්න බැහැ. ඒත් පුංචිම පුංචි පැණි කුරුල්ලෙකුට ගොඩක් දුර පියාඹන්න පුළුවන්.ඔයාලා දන්නවනෙ වඩු කුරුල්ලා සතුව තියෙන අපූරු නිර්මාණාත්මක හැකියාව. එයා හදන කූඩුව මොනතරම් අපූරුද කියලා අමුතුවෙන් කියන්න  ඕනෙ නැහැනෙ. ඒ වුණත් එච්චර හැකියාවක් තියෙන වඩු කුරුල්ලට දියේ කිමිදෙන්න බැහැ. ඒ වුණත් හංසයට දියේ පීනන්න පුළුවන්. කොහොමත් ඉතින් හංසයට වඩු කුරුල්ලට වගේ කූඩු හදන්න බෑ. මොණරට වගේ ලස්සන පිල් කලඹකුත් නැහැ. එහෙම වුණා කියලා හංසයා ලස්සන නැද්ද? නෑ, බොහොම අපූරු සිත්ගන්නා සුළු පෙනුමක් තියෙන්නෙ. කොහොමත් හංසයට ගොඩක් ඈත අහසෙ පියාඹන්න බැරි වුණාට සැලකිය යුතු දුරක් පියාඹන්න පුළුවන්.

 

සුවිශේෂී හැකියාවන් සමූහයක්...

      ඇත්තටම කුරුළු ලෝකෙ ඉන්න එක් එක් කුරුල්ලන්ට සුවිශේෂී වුණු හැකියාවන් ගොඩක් තියෙනවා. ඒ අනුව උකුස්සන්ට, රාජාලියන්ට වළාකුළුවලටත් ඉහළින් පියාඹන්න පුළුවන්. පැස්බරා කියන්නෙ ලෝකෙන්ම ඉන්න ලොකුම කුරුල්ලා වුණත් ඌට පියාඹන්න බෑ. හැබැයි වේගයෙන් දුවන්න පුළුවන්. ඔය කොයි කුරුල්ලට කොයිතරම් අපූරු හැකියාවන් තිබුණත් පුංචිම පුංචි ගිරවට වගේ කතා කරන්න බැහැ. මොකද ගිරව අපිත් එක්ක හරි හරියට කතා කරනවා.

    දැන් ඔයාලට පේනවා, එකිනෙක කුරුල්ලට ආවේණික හැකියාවන් එකිනෙකාට වෙනස් කියලා. හැබැයි ඔය හැමෝටම පොදු කාරණා තියෙනවා. ඒ කියන්නෙ ඔය හැම සතෙක්ම ජීවත් වෙනවා. තමන්ගෙ පරම්පරාව පවත්වාගෙන යනවා. ඉතින් තමන්ගෙ පරපුර පවත්වගෙන ජීවිතේ අරගෙන යන්න සොබාදහම විසින් ඒ සතුන්ට විවිධාකාර වූ දක්ෂතා උරුම කරල දීලා තියෙනවා.

 

අනුන් කරන දේ කරන්නෙ නෑ....

     හැබැයි ඔය එක කුරුල්ලෙක්වත් තමන්ට නැති දේවල් ගැන හිත හිත ජීවිතේ එපාවෙලා ඉන්නවා ඔබ දැකලා තියෙනවද? කවදාවත් ඒ සතුන් ඒ වගේ මන්දෝත්සාහී වෙන්නෙ නැහැ. ඒ වගේම එයාලා අනෙක් කුරුල්ලො කරන දේ කරන්න උත්සාහ කරන්නෙත් නෑ. ඒ කුරුළු මව්පියන් තමන්ගෙ පැටවුන්ට කවදාවත් වෙනත් කුරුළු වර්ගයක හැකියාවන් උගන්වන්නෙ නැහැ. ඒ අය තිලින කරන්නෙ උගන්වන්නෙ තමන්ගෙ දක්ෂතාව විතරයි.

 

විවිධත්වයට මග...

       ඉතින් මේ වගේ එක එක කුරුල්ලන්ගෙ හැකියාවන් විවිධ වෙනකොට ඒ කුරුළු ලෝකය තුළ අපූරු විවිධත්වයක් මතුවෙනවා. ඒ කියන්නෙ සැබෑ සුන්දරත්වයක් ඇතිවෙනවා. ඇත්තටම මිනිසුන් වන අපි තේරුම් නොගත්තු දෙයක් තමයි, විවිධත්වය නිසා සුන්දරත්වයක් නිර්මාණය වන බව.

    කුරුල්ලන්, ගහ, කොළ නිර්මාණය කරපු මේ සොබාදහමම තමයි මිනිසුන් වන අපවත් නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ වුණත් අප ඒ දේ අමතක කරලා තමයි ජීවත්වෙන්නෙ. ගොඩක් වෙලාවට අපි ළමා කාලය අමතක කරනවා. කොහොමත් දරුවෙක් කියන්නෙ වැඩිහිටියෙක් නෙවෙයි. ඒ අයව තේරුම් ගන්න අය අඩුයි.

    කුරුල්ලන් සතුව විවිධ හැකියාවන් තිබෙනව වගේම දරුවන් සතුවත් විවිධ හැකියාවන් තියෙනවා. ඒ කියන්නෙ සමහර දරුවන් ඉගෙනීමට දක්ෂයි. තවත් අය ගායනයට, නර්තනයට, සංගීතයට, සිතුවමට වගේම අලූත් අලූත් දේ නිර්මාණයට දක්ෂයි.

     ඒ හැම දරුවෙක්ම එක වගේ නෙවෙයි. ඒ අයට ආවේණික වූ කිසියම් ක්ෂේත‍්‍රයක් තුළ ඒ අයගෙ හැකියාවන් සැඟවිලා තියෙනවා. හැබැයි වැඩිහිටියන් කවදාවත් ඒ දක්ෂතාව තේරුම් ගන්නවත් හඳුනාගන්නවත් උත්සාහ කරන්නෙ නැ.

    සැබෑවටම ලෝකයේ පැවැත්මට මේ වගේ දක්ෂතාවන්ගේ සංකලනය අවශ්‍යම දෙයක්. මෙලොව ජීවත් වෙන හැම දරුවෙක් තුළම දක්ෂතාවක් තියෙනවා. හැබැයි මව්පියන් උත්සාහ කරන්නෙ තමන්ට අවශ්‍ය දරුවා නිර්මාණය කරන්න මිසක දරුවගෙ දක්ෂතා හඳුනාගෙන ඒ දක්ෂතා උද්දීපනය කරන්න නෙවෙයි.

 

හිතන්නට යමක්....

      ඇත්තටම මව්පියන්, ගුරුවරුන් විදියට කළ යුතු වන්නෙ දරුවන්ගෙ ඒ හැකියාවන් අවදි කර ගත හැකි පරිසරයක් නිර්මාණය කරන එක.එහෙම නැතුව දරුවන්ව රාමුවකට කොටු කරන්න ගියොත් ඔවුන් අසාර්ථක වෙනවා. ඒ අයගෙ හැකියාවන් මග හැරෙනවා. එතැනදි ලොවට බිහිවෙන්න හිටපු ශේෂ්ඨ චරිතයක් අපට අහිමිවෙනවා. ලෝකයේ බිහි වුණු බොහෝ විද්වතුන්, නායකයන්, නව නිර්මාණකරුවන් බොහොමයක් දෙනා කුඩා කාලයේ පාසල් ගුරුවරුන්ගේ රාමුවෙන් ප‍්‍රතික්ෂේප වුණු අය. ඒත් ඒ වගේ කුඩා කාලයේ වැඩිහිටියන්ගෙ රාමුවට නොගැළපෙන, පරාජිත, අසාර්ථක දරුවන් පසු කාලීනව ලෝකය වෙනස් කරපු චරිත බවට පත්වුණා.ඒ නිසා අපේ රාමුවට නොගැළපුනා කියලා, ඔවුන් අදක්ෂයන් ලෙස වර්ග කරන්න එපා. එහෙම කරලා අප අහිමි කරගන්නා හැකියාවන් මොනතරම්ද කියලා අපි දන්නෙ නැහැ.

       පොඞ්ඩක් හිතන්න අපට කවදාවත් වඩු කුරුල්ලට ලස්සන පිල් කලඹක් නිර්මාණය කරන්න බැහැ. උකුස්සෙකුට පීනන්න උගන්වන්න බැහැ. දරුවන්ගෙ පැත්තෙන් බැලූවත් ඒක එහෙමමයි. දරුවන් තුළ තිබෙන දක්ෂතා වර්ධනය නොකොට ඔවුන්ව මේ රටේ සමාජයේ සාර්ථක අය බවට පත්කරන්න බැහැ. මේ වෙලාවෙ අමෙරිකාවෙ හිටපු ශේෂ්ඨ ජනාධිපතිවරයකු වන ඒබ‍්‍රහම් ලින්කන් තම දරුවා පාසලට ඇතුළත් කරද්දි ගුරුවරයට ලියපු ලිපියක සාරාංශය මට මතක් වෙනවා. ඒ ”ඔහුට උගන්වන්න එපා, ඉගෙන ගන්න ඉඩ දෙන්න” කියලා. ඉතින් ඒ අදහස අපේ හැම ගුරුවරයෙක්ම මවක් පියෙක්ම සිතට ගන්නවා නම් අපේ දරුවන්ගෙ ජීවිත මොනතරම් වෙනස් වෙයිද?

 

මොහාන් පල්ලියගුරු

මානව හැකියා සංවර්ධන පුහුණුකරු හා දේශක
 


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...