Sunday, 07 February 2021 - 9:27
සතියේ ලග්න පලාපල විස්තරය (2021.02.07 සිට 2021.02.14 දක්වා)
...
 
මේෂ- අඹු­සැමි මත භේද
මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ආර­ම්භය අස­තු­ටු­දා­යක වුවත් සතිය මැද භාගයේ සිට දිග­ටම සුබයි. ඒ අනුව සතිය ආර­ම්භයේ කිසි­යම් හදිසි අන­තු­රු­දා­යක තත්ත්ව­යක් එළ­ඹී­මට පුළු­වන. තුන­ටි­යට අසුබ, උගුරේ ආසා­දිත මතු කෙරෙනු ඇත. ගෘහ ජීවි­ත­යේදි විශේ­ෂ­යෙන් අඹු­සැමි ආර­වුල් ඇති වීමට බොහෝ­දු­රට ඉඩ ඇති නිසා ඉව­සී­මෙන් කට­යුතු කරන්න. කෙනකු විසින් ඔබට දෙන ලද වැරදි තොර­තුරු හා උප­දේශ නිසා නොමඟ යන සුළු ස්වභා­ව­යක් පෙනෙ­න්නට තිබේ. සතිය මැද විශේෂ රැකියා ප්‍රති­ලාභ පෙන්වනු ඇත.

වෘෂභ-සිතේ සතුට උතුරා යයි
වෘෂභ ලග්න­යට අනුව ඔබ මේ සතිය තුළ විශේෂ ආයෝ­ජ­න­ය­කට අත­ග­සනු ඇත. ආර­ම්භය සාර්ථක නොවු­ණත් සතිය මැද භාගයේ පටන් එකී ප්‍රති­ලාභ හිමි­වනු ඇත. පෙර පින් මහි­මය නිසා වන්නට තිබූ විශාල හානි­යක් මග හරවා ගැනී­මට ඉඩ සැලසේ. අවි­වා­හක අයට මංගල සීනු හැඬ­වෙන සති­යකි. සිතේ සතුට උතුරා යන කරු­ණක් යෙදේ. තම හිතෛෂි පුද්ග­ල­ය­න්ගෙන් ඇප උප­කාර ලැබෙනු ඇත. මුත්‍ර දෝෂ, කුස ආශ්‍රිත රෝග පැමි­ණෙන නිසා ආහා­ර­පා­නා­දි­යෙන් ප්‍රවේ­ශම් වන්න.

මිථුන- පිය­ව­රක් ඉදි­රි­යට
මිථුන ලග්න­යට අනුව ඔබට මෙම සතිය විදේ­ශා­යෝ­ජ­න­ය­කට කරුණු යෙදේ. විශේ­ෂ­යෙන් අඩුම තරමේ විදේ­ශ­යක සිට පැමිණි අය­කුගේ ඇප උප­කාර ලැබීම නිසා ඔබ සිටින ස්ථාන­යෙන් ඉහළ පිය­ව­රක් තැබී­මට සමත් වේ. තමා වෙතින් ඈත්ව දුරස්ව සිටි අයකු යළි ඔබ වෙත ළංවීම නිසා අනා­ගත සැල­සුම් කීප­යක් සාර්ථක කර ගැනී­මට අව­ස්ථාව උදාවේ. යටි­බඩ ආශ්‍රිත රෝග උව­දුරු පැමිණේ. කිසි­යම් අගුණ සහ­ගත ආහා­ර­යක් නිසා අජීර්ණ වැනි අසා­ත්මි­කතා පැන නගිනු ඇත.

කටක- අභි­මා­න­වත් සති­යක්
ලග්නා­ධි­පති 05 වැන්නේ නිසා මෙම සතිය ආර­ම්භය ඉතා වාස­නා­වන්ත දරු­ඵල ද ආර්ථික ප්‍රති­ලා­භ­ය­කට හේතුද මතු කරනු ලැබේ. තම රාජ­කාරි පහ­සු­කර ගැනීම සඳහා අත්උ­ද­වුවට සහ­කා­ර­යකු යොදා ගැනී­මට අව­ස්ථාව උදාවේ. තම දූ පුතුන් නිසා අභි­මා­න­යෙන් කට­යුතු කිරී­මට හැකි­යාව ලැබෙනු ඇත. උත්සව හා පුණ්‍ය‍­කර්ම කීප­ය­කට ද සහ­භාගි වීමට හැකි වන අතර තම නි‍ෙව­සක් ඉදි­කි­රී­මක් වැනි කට­යු­ත්ත­කදි ඉතා සතු­ටු­දා­යක ලැබී­ම­කට ද හේතු­වෙයි. මෙතෙක් දුර­ස්ත්ව වී තිබූ කට­යුතු ලෙහෙ­සි­යෙන් ජය ගැනී­මට ඔබට පුළු­වන් වෙයි.

සිංහ- ප්‍රධා­නින්ගේ ප්‍රසා­දය
සිංහ ලග්නය සහිත ඔබට මෙම සතිය ඉතා සුබ සති­යකි. චන්ද්‍ර­යාගේ ගමන 04 වැන්නෙන් ඇර­ඹෙන අතර වාහන, නිවාස, ඉඩම් ප්‍රති­ලාභ ද, රැකියා ස්ථාන­ගත අභි­වෘ­ද්ධිය ද පෙන්වයි. තම සේවා ස්ථානයේ බොහෝ දෙනකු වෙතින් ප්‍රශංසා උදා කෙරෙනු ඇත. ප්‍රධා­නින්ගේ සිත් දිනා­ගෙන කට­යුතු කිරී­මට හැකි වේ. පපුවේ සෙම හතිය නිසා පීඩා­කාරි වන නමුදු ජල­යෙන් සීත­ලෙන් ප්‍රවේ­ශම් වුව­හොත් ඒවාද වළකා ගැනී­මට හැකි වේ. තමාට කලක් තිස්සේ විකුණා ගැනී­මට නොහැ­කිව තිබූ ඉඩ­මක් හෝ වාහ­න­යක් සාධා­රණ මිලට විකුණා ගැනී­මට ද හැකි වේ.

කන්‍යා- භූමි සම්පත් උදා වේ
කන්‍යා ලග්නය හිමි ඔබට මෙම සතිය විශේ­ෂ­යෙන් ඉඩම් ලාභ මෙන්ම ඥාති පාර්ශ්වවලින් සහ­යෝ­ගය නිසා අත­පසු වූ වැඩ­කො­ට­සක් ඉතා ලෙහෙ­සි­යෙන් නිමා කර ගැනී­මට හැකිවේ. භූමිය සම්බන්ධ කට­යුතු වලට සුබයි. ඒ අනුව පස්, ගල් වැලි, සිමෙන්ති ආදි ව්‍යාපාර කරන අයට සුබ­වාදී සති­යකි. මැණික් පතල් මිනි­රන් පතල් කරනා අයට ප්‍රති­ලාභ උසස් වේ. ශාරී­රික වශ­යෙන් උර­හිස ආශ්‍රිත හදිසි උව­දුරු පැමි­ණෙන නිසා බර ඉසි­ලීම වැනි කට­යුතු වලදී ප්‍රවේ­ශම් වන්න.

තුලා - හදිසි ධන­ලාභ
තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව ධන­ස්ථා­නය සඵල වෙයි. හදිසි ධන­ලාභ පෙන්නුම් කරනු ඇත. විය­ද­මට වඩා ආදා­යම වැඩිවේ. ඒ නිසාම ආත්ම විශ්වා­ස­යෙන් කට­යුතු කර­ගෙන යෑමට අව­ස්ථාව උදාවේ. රෙදි­පිළි ව්‍යාපාර, ස්වර්ණා­භ­රණ හෝ වෙනත් විසි­තුරු දේ ව්‍යාපාර ලෙස කර­ගෙන යන අයට සුබ වෙයි. උගුරේ ආසා­දිත තත්ත්ව­යක් මතු කිරී­මට ඉඩ ඇත. තෛරො­යිඩ් අවදානම පව­තින අය ප්‍රවේ­ශම් විය යුතු සති­යකි.

වෘශ්චික- ­කට­යුතු රැසක ජය
වෘශ්චික ලග්න­යට අනුව මෙම සතිය ඉතා උසස් සති­යකි. ආර­ම්භ­යේ­දීම සිත පැහැ­දෙන කට­යුතු රාශි­යක් යෙදේ. තම සිතැඟි පරිදි කට­යුතු රැසක ජය­ග්‍ර­හණ හිමි වේ. විවා­හක ගැටලු විස­ඳිම අවි­වා­හක අයට මංගල යෝග උදා වීම හා තම ආයෝ­ජන කට­යුතු රැසක විජ­ය­ග්‍ර­හ­ණය ද උදා කෙරේ. හිස, සෙම හා නහ­ර­ගත ආපදා මතු කෙරෙන නිසා සැර උෂ්ණ ආහා­ර­පාන ආදි­යෙන් වැළකී ඇඟ නිවෙන ආහා­ර­පාන ගැනීම සුබ­වාදි වෙයි.

ධනු - විදේශ ආයෝ­ජන
ධනු ලග්නය හිමි ඔබට මෙම සතිය ප්‍රවේ­ශ­මෙන් කට­යුතු ආරම්භ කළ යුතු සති­යකි. අත්වැ­ර­දීම් සිදු­වෙනු ඇත. කෙසේ නමුදු සතිය මැද සිට එය සම­නය වේ. විදේශ ආයෝ­ජන, විදේ­ශ­ය­කට යෑමට අව­ස්ථාව උදා වීම පෙන්වයි. නිවෙ­සෙන් බැහැ­රව දුර­කට යෑමට සිදු­වනු ඇත. ඒ නිසා තම දියු­ණු­වට පැවති ආයෝ­ජන කීප­යක ආර්ථික වාසි කීප­යක් මඟ හැරෙනු ඇත. එහෙත් සතිය මැද සිට ඒවා සම­න­ය­කට පත් කර ගැනී­මට පුළු­වන් වෙයි. පාදයේ වළ­ලු­ක­රට අගු­ණයි.

මකර - ශාස්ත්‍රීය කට­යුතු රැසක ජය
මකර ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව ආර්ථික ප්‍රති­ලාභ රැසක් සමඟ සතිය ඇර­ඹෙයි. ශාස්ත්‍රීය කට­යුතු කීප­යක් ද සාර්ථක කර ගැනී­මට හැකි වේ. තම අත් උද­වුවට බොහෝ දෙන­කුගේ පැමි­ණීම සතු­ටු­දා­යක ඉදිරි ගම­න­කට හේතු වෙයි. යටි­බඩ ආශ්‍රිත ආසා­දන මතු කෙරේ. ශාරී­රික ලවණ ගතිය - දියර ගතිය අඩු­වීම නිසා උප­ද්‍රව පැමි­ණී­මට ඉඩ ඇති නිසා ඉතා හොඳින් ජලය පානය අය­ඩින් මිශ්‍ර ලුණු භාවි­තය ඉතා සුදුසු වෙයි. වකු­ගඩු ආපදා පව­තින අය ඉතා සැල­කි­ලි­මත් විය යුතු සති­යකි.

කුම්භ-රැකියා ස්ථාන­ගත වාසි රැසක්
කුම්භ ලග්න­යට අනුව මෙම සතිය ඔබට රැකියා ස්ථාන­ගත වාසි රැසක් උදා වේ. ධනය - නිලය - බලය ශක්ති­මත් වනු ඇත. දණ­හිස ආශ්‍රිත කිසි­යම් අසුබ තාව­යක් පැන නැඟීමට ඉඩ ඇතත් ප්‍රවේ­ශම් වීමෙන් එයද වළකා ගැනී­මට හැකි වේ. ඉඩ­ම­කට පැවතී තිබූ නඩු­වක් හෝ වෙන­යම් අව­හි­ර­තා­වක් ලිහිල් වනු ඇත. කල­කට පසු තම පවුලේ සාමා­ජි­ක­යන් සමඟ එකට විසී­මට හා ඒ අය සමඟ දුක සැප බෙදා ගැනී­මට අව­ස්ථාව උදා වනු ඇත.

මීන - දූ දරුවන්ගෙන් ඇප උපකාර
මීන ලග්නයට අනුව චන්ද්‍රයා 09 වැන්නෙන් ගමන් අරඹන මෙම සතිය ආරම්භයේම දේපළ ලැබීම අතින් සතුටුදායක ආරංචි ලැබෙන සතියකි. ඒ නිසා සිතට සැනසුම හා අන් අයගේ ඇප උපකාර ලැබෙන සතියක් ද වෙයි. තම දූ දරුවන්ගෙන් පවා ප්‍රතිලාභ ලැබෙනු ඇත. මවුපිය උපස්ථානය ඉතා ඉහළින් සිදුකරගත හැකි සතියකි. ආගමික කටයුතු රැසක නියැළෙන අතර තම කටයුතු පහසු කරවන අන්දමේ ගෘහ උපකරණ රැසක් තම නිවසට ගෙන ඒමට හැකිවනු ඇත.


More News
...
Monday, 08 February 2021 - 11:09

ලෝකයේ මිනිසා ඇතුළු සියලුම ජීවින් මෙන්ම සොබාදහමද රඳා පවතින්නේ, සූර්යයා නිසා බවට ඈත අතීතයේ සිටම අපගේ...   Read more

...
Monday, 01 February 2021 - 10:00

ජලය මිනිසාගේ ප‍්‍රධානතම අවශ්‍යතාවයක්. නිවසකට ජලය ලබා ගැනීමේ පහසුකම අතිශයින්ම වැදගත් වෙනවා....   Read more

...
Monday, 18 January 2021 - 11:08

මේෂ- නැතිවී තිබූ ස්වර්ණා­භ­ර්ණ­යක් හමු වේ මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ඉතා වාස­නා­වන්ත සති­යකි....   Read more

දවසේ වීඩියෝව