Tuesday, 16 February 2021 - 10:10
පීපල්ස් ඉන්ෂු­ව­රන්ස් ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය සමඟ ගිවි­සු­ම­කට
...
ශ්‍රී ලංකාවේ විශා­ල­තම මූල්‍ය සේවා සැප­යුම් සමූ­හයේ සාමා­ජි­ක­යකු සහ ප්‍රමු­ඛ­තම රක්ෂණ සේවා සැප­යු­ම්ක­රු­වකු වන පීපල්ස් ඉන්ෂු­ව­රස් සමා­ගම, විදේ­ශීය සංචා­ර­ක­යන් සඳහා නැවත වරක් ශ්‍රී ලංකාව විවෘත වීමත් සමඟ ඔවුන් හට ආර­ක්ෂි­තව දිව­යි­නට පැමි­ණීම සහ පිට­වීම සහ­තික කිරීමේ අර­මු­ණින් සෞඛ්‍ය රක්ෂණ ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­ත්මක කිරී­මට ඉදි­රිපත්ව ඇත. මෙම රක්ෂණ සේවා සැප­යීම සඳහා වන ගිවි­සු­ම්ගත වීම පීපල්ස් ඉන්ෂු­වරන්ස් සමා­ගම සහ ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රියේ නිල­ධා­රීන්ගේ සහ­භා­ගීත්ව­යෙන් පසු­ගි­යදා සිදු­විය.

ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය විසින් නියම කර ඇති මාර්ගෝ­ප­දේ­ශ­යන්ට අනු­කූ­ලව, මෙම අනි­වාර්ය රක්ෂණ ක්‍රමය අන්ත­ර්ජාල හරහා සංචා­රක වීසා සඳහා ඉල්ලුම් කරන ජාත්‍ය­න්තර සංචා­ර­ක­යන්, ශ්‍රී ලාංකීය නොවන විදේශ ගමන් බල­පත්‍ර දර­න්නන්, ද්විත්ව පුර­වැසි විදේශ ගමන් බල­පත්‍ර දර­න්නන්, විදේ­ශීය හෝ ද්විත්ව විදේශ ගමන් බල­පත්‍ර දර­න්නන් සහ ව්‍යාපා­රික වීසා දර­න්නන් සඳහා පිරි­න­මනු ලැබේ.

මෙහිදී සංචා­ර­ක­යකු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ COVID-19 ආසා­දි­ත­යකු බවට පත්වු­ව­හොත් හෝ ආසා­දිත රෝගි­යෙ­කුගේ ආශ්‍රි­ත­යෙක් බවට පත්වු­ව­හොත් COVID-19 පැති­රීම වළ­ක්වා­ලීම සඳහා වන සෞඛ්‍යා­ර­ක්ෂිත ක්‍රියා­මා­ර්ග­යන් අනු­ග­ම­නය කරනු ලබන අතර, එහිදී රෝහල් ගත­කි­රීම, නිරෝ­ධා­යන හෝටල් ගාස්තු සහ ඒ හා සම්බන්ධ ක්‍රියා පටි­පාටි සඳහා වන විය­දම් මෙම රක්ෂ­ණ­යෙන් ආව­ර­ණය කෙරේ.
 


More News
...
Wednesday, 07 April 2021 - 14:41

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්...   Read more

...
Wednesday, 07 April 2021 - 12:07

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිලි නිවේදනයක්...   Read more

...
Wednesday, 07 April 2021 - 10:53

ශ‍්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ප්‍රමුඛ සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ...   Read more

දවසේ වීඩියෝව