Tuesday, 16 February 2021 - 11:18
ලංකා හොස්පිටල්ස් වෙතින්කොවිඩ්-19 ස්වයං පරීක්ෂණක්රමවේදයක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සත්කාරක සේවා සැපයීමේ පුරෝගාමියකු වන ලංකා හොස්පිටල්ස් රෝහල් පිවිසුමේදීම කොවිඩ් ආසාදිතයන් හඳුනා ගත හැකි නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි. නව ක්‍රමය යටතේ රෝහල් ගේට්ටුවෙන් ඇතුළු වන තැනැත්තා සිය ජංගම දුරකතනයෙන් QR Code එක ස්කෑන් කළ යුතුය. එවිට ‘ඔව්’ සහ ‘නැහැ’ ලෙස පිළිතුරු සැපයිය යුතු කෙටි ප්‍රශ්න කිහිපයක් දුරකතනයට ලැබේ. ඒවාට පිළිතුරු සැපයූ පසු කෙටි පණිවිඩයක් ලැබේ. ඒ සමඟ වර්ණයක් ද දක්වනු ලැබේ. කොළ වර්ණය දැක්වුවහොත් අදාළ තැනැත්තා කොවිඩ් අවදානමකින් තොර අයකු වන අතර ඔහුට නිදහසේ රෝහල් පරිශ්‍රය තුළ සැරි සැරීමට අවසර ලැබේ. කහ වර්ණය දැක්වුවහොත් අදාළ නැතැත්තා රෝහලේ හදිසි පරීක්ෂණ ඒකකයේදී වැඩි දුර පරීක්ෂාවට ලක් විය යුතුය.
රතු වර්ණයෙන් ඔහුට කොවිඩ් 19 රෝග ලක්ෂණ පවතින බව කියවේ. රතු නිවේදනයක් ලැබෙන සියලු දෙනා රජයේ ජාතික සෞඛ්‍ය හා සුරක්ෂිතතා ක්‍රමවේදයට අනුව වහාම සෞඛ්‍ය බලධාරීන් වෙත යොමු කරනු ලැබේ. QR Code ක්‍රමයකින් සමන්විත නව කොවිඩ් හඳුනා ගැනීමේ ක්‍රමය රෝහලට පැමිණෙන රෝගීන්ට හා අනෙකුත් පුද්ගලයන්ට පෝරම පිරවීමකින් තොරව කටයුතු කිරීමේ පහසුවද සලසයි. නව තාක්ෂණයේ ආධාරයෙන් ඔවුන්ගේ තොරතුරු රෝහල් දත්ත ගබඩාවට එක් කෙරෙයි. නව ස්වයං ඇගයීම් ක්‍රියාවලිය කඩිනම්, පහසු හා ආරක්ෂිත එකක් බැවින් රෝහල් පිවිසුම අසල දිගු පෝලිම් හට ගැනීම වැළකේ.
“අපේ ඉහළම ප්‍රමුඛතාව වන්නේ රෝහලට පැමිණෙන රෝගීන්, රෝගීන් බැලීමට පැමිණෙන්නන් හා කාර්ය මණ්ඩලය යන සියල්ලන්ගේම සුරක්ෂිතතාව තහවුරු කිරීමයි. කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ සුරක්ෂිතතා කළමනාකරණ ක්‍රමවේද දැඩි කිරීමට අප පියවර ගෙන තිබෙනවා.
මේ නව යාන්ත්‍රණය මඟින් අපේ සේවා උසස්ම මට්ටමින් සපයන්නට අවකාශ ලැබෙනවා.” ලංකා හොස්පිටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා පැවසීය. “ලංකා හොස්පිටල්ස් යනු දැඩි සුරක්ෂිතතා පියවර අනුගමනය කරන ප්රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක්. රෝහලේ සෑම ස්ථානයක්ම දිනපතා නිතර නිතර විෂබීජහරණය කරනවා. රෝහලේ නේවාසික හා බාහිර රෝගීන් වෙනුවෙන් ඉතා දැඩි සෞඛ්‍යාරක්ෂණ පියවර අනුගමනය කරනවා. අපේ කාර්ය මණ්ඩලය නිතර පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කරනවා.” ලංකා හොස්පිටල්ස් වෛද්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය විමල් කරඳගොඩ මහතා පැවසීය.