ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යයි - 20/20 නායකත්වය දසුන්ට
බටහිර ඉන්දීය කොදෙව්කෙණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටී20 ක්‍රිකට් තරඟාවලියේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට පවරා තිබෙනවා.
2019 වසරේ පාකිස්තානයේ පැවැති තරඟ තුනකින් සමන්විත ටී 20 තරඟාවලියේදී පළමු වතාවට ශ්‍රී ලංකා පිල මෙහෙයවූ දසුන් ශානක එම තරඟාවලියේදී පාකිස්තානය 3 -0 ක් ලෙස පරාජයට පතකිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකා ටී20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කළ වේගපන්දු යනව ක්‍රීඩක ලසිත් මාලිංග කිසිඳු පුහුණු සැසියකට සහභාගී නොවීම හේතුවෙන් ඔහු මෙම සංචාරයෙන් ඉවත් කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්නට හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (23) අද අලුයම 3.35 ට කටාර් ගුවන් සේවයේ QR - 669 දරන ගුවන් යානයෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය සඳහා පිටත්ව ගියා.
ශ්‍රී ලංකා විස්සයි -20කණ්ඩායම- දසුන් ශානක (නායක) දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක,පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර, ඔෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, නුවන් ප්‍රදීප්, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඩිල්ශාන් මධුශංක, සුරංග ලක්මාල්
එක්දින කණ්ඩායම - දිමුත් කරුණාරත්න (නායක) දසුන් ශානක, පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, අශේන් බණ්ඩාර, ඕෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්,ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, නුවන් ප්‍රදීප්, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඩිල්ශාන් මධුශංක, සුරංග ලක්මාල්