Tuesday, 23 February 2021 - 11:20
කාටුන් බලන්න ගෙදරට ගෙන්වා පිරිමි දරුවන් දෙදෙනෙකුට ලිංගික හිරිහැර කරලා
...
කාටුන් බැලීමට කියා සිය නිවසට ගෙන්වාගෙන බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ බව කියන 29 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු පසුගිය 19 වැනිදා අත්අඩංගුවට ගත් බව ඉමදූව පොලීසිය ප්‍රකාශ කළා. මෙම පුද්ගලයා අපයෝජනයට ලක්වූ දරුවන්ගේ මව සමග අනියම් සම්බන්ධතාවයක්ද පවත්වාගෙන ගොස් ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර ඇය දරුවන් දෙදෙනා සමග තනිව ජීවත් වී ඇත. ස්ථිර ආදායම් මාර්ගයක් ඇයට නොමැති අතර දරුවන් දෙදෙනාද වසර දෙකකින් පමණ පාසල් ගොස් නැති බවද පොලීස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

දිගින් දිගටම පවුලට ඇතිවන කරදර නිසා ශාන්තිකර්මයක් කර ගැනීම සඳහා අදාළ චූදිත පුද්ගලයා සහ වින්දිත පවුලේ පිරිස වැලිගම ප්‍රදේශයේ ස්ථානයකට ගොස් ඇත.

එහිදී එම දේවාලයේ  මෑණියන් මෙම දරුවන් දෙදෙනාට අදාළ පුද්ගලයාගෙන් හිරිහැර වනවාදැයි අදාළ මවගෙන් විමසා තිබේ. පසුව දරුවන්ගේ මව පවසා ඇත්තේ එසේ සිදුවන බවයි. දරුවන්ගෙන්ද එම දේවාලයේ මෑණියන් එසේ විමසා ඇති අතර දරුවන්ගේ මව පවසා ඇත්තේ දරුවන් දෙදෙනාගෙන් තමන් වෙන් නොකරන ලෙසත් තමන්ට දරුවන් දෙදෙනා අවශ්‍ය බවත්ය.

කෙසේ නමුත් අදාළ දේවලයේ මෑණියන් මේ සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ මෙහෙය වූ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර තොරතුරු අනාවරණය කරගෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉමදූව කෝදාගොඩ  පදිංචි 29 හැවිරිදි අවිවාහකයෙක්.

ඔහු මෙයට මාස කිහිපයකට පෙර සිටම මෙසේ දරුවන් අපයෝජනයකට ලක්කර ඇති බව අදාළ දරුවන් පොලීසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන්ය. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ දරුවන් පදිංචි නිවස ආසන්නයේම පදිංචි මෙම සැකකරු මෙම දරුවන්ට කාටුන් බැලීමට කියා තම නිවසට කැඳවාගෙන මෙසේ අපයෝජනයට ලක්කර ඇති බවයි.

අපයෝජනයට ලක්වී ඇත්තේ ඉමදූව කෝදාගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13 ක හා 14 වයසක පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකි. ඉමදූව පොලිස් ස්ථානාධිපති එච්.වී.කේ. උපුල් කුමාර මහතාගේ  උපදෙස් මත කාන්තා පොලිස් පරීක්ෂක මල්කාන්ති, පොලිස් කොස්තාපල් ධනවංශ යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ. වින්දිත මව හා දරුවන් දෙදෙනා මාතර රෝහලට ඇතුලත් කර ඇත.

ඉමදූව - ටී. විතානවසම් (මව්බිම)


More News
...
Friday, 26 February 2021 - 11:59

“ටෙලිසිනේ ක්ලබ්” ආයතනයේ ලේකම් ධූරය හෙබවූ ප්‍රවීණ සිනමා නිළි සනෝජා බිබිලේ  එම තනතුරෙන් ඉල්ලා...   Read more

...
Wednesday, 24 February 2021 - 11:32

මනීෂා චංචලා යනු දක්ෂ රංගන ශිල්පිනයක් මෙන්ම ගායිකාවක් සහ නිවේදිකාවක්ද වනවා. මේ දිනවල බොහෝ ජනප්‍රිය...   Read more

...
Wednesday, 24 February 2021 - 10:09

වයස අවුරුදු දාහතරක පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයකට ලක් කළ වයස අවුරුදු 52ක පුද්ගලයෙකු මාර්තු තුන්වැනි...   Read more

දවසේ වීඩියෝව