Tuesday, 23 February 2021 - 11:47
මිත්තණියගේ අනියම් සැමියා අවුරුදු නවයක හා දොළහක දියණියන් කෙලෙසලා
...
වයස අවුරුදු නවයක සහ අවුරුදු 12ක දියණියන් දෙදෙනෙකුට ලිංගික අපචාරයක් කළ බව කියන මිත්තණියගේ අනියම් සැමියෙක් සැකපිට දඹුල්ල පොලීසිය පසුගියදා (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 48ක් වූ කුරුණෑගල, කටුපොල පදිංචිකරුවෙකි.

දඹුල්ල, ප්‍රදේශයේ ගම්මානයක වූ සිදුවීම පිළිබඳව පොලීසියේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කොට තිබෙනවා.

පොලීසිය කරුණු අනාවරණය කර ගැනීමට යද්දී දියණියන්ගේ මිත්තණිය සහ ඇයගේ අනියම් පුරුෂයා ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක නිලූකා ගයන්ති මහත්මිය සතියක පමණ කාලයක් මෙම සැකකරුගේ ජංගම දුරකථනය හරහා රහසිගතව ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

කෙටි පණිවුඩ ඇමතුම් හරහා ව්‍යාජ නමකින් පොලිස් පරීක්ෂිකාව සැකකරු රැඳී සිටින ප්‍රදේශය හා හමුවීමට ස්ථාන යොදාගෙන ඉතා සූක්ෂම ලෙස සැකකරු කොටුකරගෙන ඇත.
පොලිස් කණ්ඩායමක් කටුපොත ප්‍රදේශයේදී මෙම පුද්ගලයා සිය අනියම් බිරිය සමග රැඳී සිටි නිවෙසේදී අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධයට ලක්වූ දියණියන් දෙදෙනාගේ මව සහ පියා වෙනත් ප්‍රදේශයක රැකියාවක් කරන බැවින් දියණියන් දෙදෙනා අත්තම්මාගේ නිවසේ නවාතැන්ගෙන ඇත. අත්තම්මාගේ අනියම් සැමියා අතින් අවස්ථා ගණනාවකදී දියණියන් ලිංගික අතවරයට මෙන්ම ස්ත්‍රී දූෂණයට ලක්ව ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යන අවස්ථාවේදී ඔහු නිවසේ ඇඳක් යට සැඟවී සිටියදී සොයාගෙන ඇත.

දියණියන් දෙදෙනා දඹුල්ල රෝහලට ඇතුළත්කොට වෛද්‍ය වාර්තා ලබාගැනීමෙන් අනතුරුව පරිවාස භාරය මගින් මවුපියන් යටතට පත්කළ බවත් සැකකාර 44 හැවිරිදි පුද්ගලයා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී. එදිරිසිංහ, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලූකා ගයන්ති, උප පොලිස් පරීක්ෂක ඩබ්.ඒ. වන්නිනායක යන මහත්වරු ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

දඹුල්ල - කේ.කේ.ආරියදාස (මව්බිම)
 


More News
...
Friday, 26 February 2021 - 11:59

“ටෙලිසිනේ ක්ලබ්” ආයතනයේ ලේකම් ධූරය හෙබවූ ප්‍රවීණ සිනමා නිළි සනෝජා බිබිලේ  එම තනතුරෙන් ඉල්ලා...   Read more

...
Wednesday, 24 February 2021 - 11:32

මනීෂා චංචලා යනු දක්ෂ රංගන ශිල්පිනයක් මෙන්ම ගායිකාවක් සහ නිවේදිකාවක්ද වනවා. මේ දිනවල බොහෝ ජනප්‍රිය...   Read more

...
Wednesday, 24 February 2021 - 10:09

වයස අවුරුදු දාහතරක පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයකට ලක් කළ වයස අවුරුදු 52ක පුද්ගලයෙකු මාර්තු තුන්වැනි...   Read more

දවසේ වීඩියෝව
    Latest Headlines
  • තවත් ආසාදිතයින් 240ක්
  • පෑලියගොඩ පොලීසියේදී තරුණයෙකුට පහරදීම ගැන පරීක්ෂණයක්
  • කොවිඩ් මරණ 464යි
  • නව ආසාදිතයින් 247ක්
  • සුවය ලැබූවන් 77000 ඉක්මවයි

  • දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2021 පෙබරවාරි මස 25

     නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,
    මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් 
    ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත්ස
    වස් කාලයේදී හෝ රාත්‍රී
    කාලයේදී තැනින් තැන වැසි හෝ 
    ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට
    මි.මී. 50 ට වැඩි තරමක
    තද වැසිද ඇතිවිය හැක.

    දවසේ කාටුනය
    ...