Tuesday, 23 February 2021 - 12:13
බ්‍රිතාන්‍ය ඇස්ට්‍රා සෙනෙකා එන්නතත් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
...

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් -19 එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ආයතනය සමග ගිවිසුමකට එළඹීම සඳහා වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා.

එමෙන්ම ඉන්දියාවේ සීරම් ආයතනය වෙතින් ඝෘජු ප්‍රසම්පාදනයක් වශයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මිලියන 10ක් අමෙරිකානු ඩොලර් මිලියන 52.5ක මුදලකට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීමට ඉදිරිපත් කර තිබූ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත ලබාගැනීම කඩිනම් කිරීමට හැකිවීම සඳහා කොවැක්ස් යාන්ත්‍රණය විසින් ඉදිරිපත් කරඇති ප්‍රමිතිගත මුක්තිදාන ගිවිසුමට අත්සන් තැබීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමි වුණා.

 


More News
...
Friday, 26 February 2021 - 20:47

පෑලියගොඩ පොලීසියේ දී තරුණයෙකුට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන්ගේ...   Read more

...
Friday, 26 February 2021 - 20:05

  අද දින තවත් කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණ 05 ක්  තහවුරුවීමත් සමග මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ...   Read more

...
Friday, 26 February 2021 - 19:17

කොවිඩ් ආසාදිත රෝගීන් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...   Read more

දවසේ වීඩියෝව