Tuesday, 23 February 2021 - 12:34
කොළඹ නගරයේ එන්නත් මධ්‍යස්ථාන අටක් පිහිටුවයි
කොළඹ නගරයේ ජනතාවට කොරෝනා එන්නත ලබාගැනීම සඳහා කොළඹ මහනරග සීමාව තුළ එන්නත් මධ්‍යස්ථාන 8ක් ස්ථාපිත කිරීමට කොළඹ මහනගර සභාව පියවර ගෙන තිබෙනවා.
හැකි ඉක්මනින් කොළඹ නගරයේ ජනතාවට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක් කරන බව නගරාධිපතිනී රෝසි සේනානයක මහතා සදහන් කළා.
එම මධ්‍යස්ථාන පිහිටුවා ඇති ස්ථාන
- කාක දූපත - කොළඹ ,15
- බණ්ඩාරනායක මාවත, මාතෘ නිවාසය - කොළඹ, 12
- පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණය -කොළඹ, 10
- කැම්බල් උධ්‍යානය - කොළම, 08
- මහජන පුස්තකාලය- කොළඹ, 07
- ටොරින්ටන් මහල් නිවාස- කොළඹ,05
- ඇන්ඩර්සන් මහල් නිවාස - කොළඹ-05
- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය- වැල්ලවත්ත කොළඹ, 06
මෙම එන්නත් ලබාගැනීම සදහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බවද කොළඹ මහනගර සභාව සදහන් කරනවා.