Tuesday, 23 February 2021 - 13:01
පාස්කු ප්‍රහාරයට අදාලව මෛත්‍රීට නඩු පවරයි ද ?
...


පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින් ඊයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට, හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමු කරන ලෙස එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම වාර්තාව 600 කට අධික පිටු සංඛ්‍යාවකින් යුක්ත වන බව සඳහන්.

එසේම මෙහි සිංහල පිටපත් ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වූ සියලු දෙනාට ලබාදී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පිරිසට නඩු පැවරීමට ප්‍රතිපාදන තිබේදැයි සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමුකරන්නැයි අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවද වාර්තා වනවා.

මෙවැනි සිදුවීම් ඉදිරියට නොවීමට ගතයුතු ක්‍රියාමාර්ගද ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති අතර, එම සියලු‍ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට හැකියාව පවතින බවද අවසන් වාර්තාවේ දක්වා ඇතැයි ද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

වාර්තා වන පරිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 වසරේ අප්‍රේල් 16 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවට සහ පසුව සිංගප්පූරුවට යන අවස්ථාවේ ආරක්ෂක අමාත්‍ය ධූරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබානොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්ව, එය සිදුකිරීම තුළින් චේතනාන්විතව සහරාන්ගේ අයි.එස්. තර්ජනයට මග පෑදු බව කොමිසමේ අදහසයි.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් මෙන්ම වගකීම් පැහැර හැරීමක් ලෙස කොමිෂන් වාර්තාවේ දක්වා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

එලෙස සාපරාධී ලෙස වගකීම් පැහැර හැරීම මත දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති බව සඳහන්.

කැබිනට් ආරංචි මාර්ගවලට අනුව එම වාර්තාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


More News
...
Thursday, 25 February 2021 - 9:48

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධවූවන් පිළිබඳව වසර කිහිපයක් පුරා අදාළ බලධාරීන්ට...   Read more

...
Wednesday, 24 February 2021 - 13:13

            කොමිෂන් සභා පිහිටිවීම සම්බන්ධයෙන් ලංකාව දේශපාලන ලෝකයේ වාර්තා පිට වාර්තා පිහිටුවා...   Read more

...
Tuesday, 23 February 2021 - 13:57

මෙරට පැවැති තිස් අවුරුදු යුද්ධය නිමවීමත් සමඟම නිදහසේ හුස්මක් හෙලන්නට අපට අවස්ථාවක් ලැබුනෙ නැත....   Read more

දවසේ වීඩියෝව