Tuesday, 23 February 2021 - 13:46
ඔස්ට්‍රේලියාවට පැනවුණු ෆේස්බුක් තහනම ඉවතට
ඔස්ට්‍රේලියාව තුළදී ෆේස්බුක් සමාජ ජාලය තුළ ප්රවෘත්ති සහ තොරතුරු බැලීම මෙන්ම බෙදා හැරීම හෙවත් ශෙයාර් කිරීමට ෆේස්බුක් සමාජ ජාලය විසින් පැනවූ අවහිර කිරීම් යථා තත්වයට පත් කිරීමට එම සමගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව සියලු දේශීය සහ ජාත්‍යන්තර ප්රවෘත්ති සේවා සහ වෙබ් අඩවිවල ෆේස්බුක් පිටු ඔස්ට්‍රේලියාව තුළ අවහිර කිරීමටයි මිට පෙර කටයුතු කර තිබුනේ.
ෆේස්බුක් සමාජ ජාලය තුළ ප්‍රචාරය කරන ප්රවෘත්ති සඳහා අදාළ ආයතන වෙත මුදල් ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු රජය විසින් පැණවීමට යන නව නීතියකට විරෝධය පළකරමින් මෙම පියවර ගෙන තිබුණා.
එම නීති සඳහා නව සංශෝධන ගෙන ඒමට තීරණය කිරීමත් සමගයි ෆේස් බුක් සමගම ඔවුන් පැනවූ සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇත්තේ.
ගූගල් ආයතනය විසින්ද එම නීතියට දැඩි විරෝධයක් පළකර තිබූ අතර ෆේස්බුක් ආයතනය ගත් ක්‍රියාමාර්ගය හා සමාන පියවරක් ගන්නා බවටයි අනතුරු අගවා තිබුණේ.