Friday, 26 February 2021 - 12:26
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ටත් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයක්
...
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම වෙන්වූ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සමඟින් වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව එම ඉහල කාර්යය සාධන මධ්‍යස්ථානය පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ ස්ථාපනය කර තිබේ.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය මට්ටමට අනුකූලවන පරිදි තවදුරටත් සංවර්ධනය කිරීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබෙනවා.

එම අවබෝධතා ගිවිසුම යටතේ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ ඇති පැති පුහුණුතීරු, ගෘහස්ථ දැල් පුහුණු, කායවර්ධන මධ්‍යස්ථානය, පිහිනුම් තටාකය සහ සහ එම ක්‍රීඩා සමාජ නේවාසිකාගාර පහසුකම්ද කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් යොදා ගැනෙනු ඇත.

ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සමඟ ඇතිකරගත් එම ගිවිසුම අනුව 2021 වසරේ ජනවාරි 01 වැනිදා සිට ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට, සංවර්ධන සංචිතයේ පසුවන ක්‍රීඩිකාවන්ට සහ වයස අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවන්ට සිය පුහුණුවීම් කටයුතු වල නියැළීමේ අවස්ථාව උදාවී තිබේ.
 

    

 

 



More News
...
Friday, 09 April 2021 - 14:22

2021 ඉන්දීය ප්‍රීමීයර් ලීග් (IPL) තරගාවලිය අද (09) ආරම්භ වනවා. අද පැවැත්වෙන මංගල තරගයට ක්‍රීඩාකරනු ලබන්නේ...   Read more

...
Friday, 09 April 2021 - 10:41

කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ, පැවැති ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්නට ඩිල්ෂි කුමාරසිංහ අද සමත් වුණා.ඇය,...   Read more

...
Thursday, 08 April 2021 - 20:30

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංම මහතාගේ සභාපතීත්වයෙන් යුතු ශ්‍රී ලංකා...   Read more

දවසේ වීඩියෝව