Friday, 26 February 2021 - 13:39
ගාගාගේ සුනඛයින් සොයා දෙන්නෙකුට මුදල් ත්‍යාගයක්
...

සුපිරි පොප් ගායිකා ලේඩි ගගාගේ ප්‍රංශ බුල්ඩොග් වර්ගයේ බලු සුරතලුන් දෙදෙනා සොරකම් කොට තිබෙනවා.

මෙම සුනඛයින් දෙදෙනා සමග ඇවිදින තැනැත්තාට වෙඩි තැබීමෙන් පසුව මෙම සොරකම සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෙඩි පහර කෑමට ලක්වූ තැනැත්තා සුනඛයින් සමඟ පිටත්ව යාමට පෙර සැකකරුවෙකු අර්ධ ස්වයංක්‍රීය තුවක්කුවකින් වෙඩි තබා තිබෙන බව එම මාධ්‍ය වාර්තා කරනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කර ඇති බව ලොස් ඇන්ජලීස් පොලිසිය බීබීසී පුවත් සේවයට තහවුරු කර තිබෙනවා

ලේඩි ගගාගේ සුනඛයින් වන “කොජි” සහ “ගුස්ටාව්” නැවත පැමිණීම වෙනුවෙන් ත්‍යාගයක් ලබා දීමට තීරණය කර තිබෙන අතර සුනඛයන් ආපසු ලබා දිය හැකි ඕනෑම කෙනෙකුට ඇමරිකානු ඩොලර් 500,000 ක් පිරිනමන බව පැවසෙනවා

ඇයගේ මාධ්‍ය නියෝජිතයා කියා සිටියේ ඔවුන් සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ඇති ඕනෑම කෙනෙකුට KojiandGustav@gmail.com වෙත ඊමේල් කළ හැකි බවයි.

ගගා ගායිකාවගේ සුරතල් සතුන් ඉලක්ක කර ඇත්තේ ඇයගේ කීර්තිමත් තත්ත්වය නිසාද, නැතහොත් එය මිල අධික බැවින් වැඩි සුනඛ වර්ගයක් නිසාද යන්න පැහැදිලි වී නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 


More News
...
Tuesday, 13 April 2021 - 8:29

ඇමරිකා එක්සත් ජනපදයේ මින්නියාපොලිස් ප්‍රදේශයේ බෲක්ලින් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පොලීසිය විසින්...   Read more

...
Monday, 12 April 2021 - 11:44

 නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් පැවැත්වූ නෝර්වේ අග්‍රාමාත්‍ය එරීනා සෝල්බර්ග්ට ඇමරිකන්...   Read more

...
Tuesday, 13 April 2021 - 16:25

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදිවරයාගේ අවමංගල්‍ය උත්සවය ලබන...   Read more

දවසේ වීඩියෝව