Friday, 26 February 2021 - 15:09
කොටදෙනියාව මංගල උත්සවයට සහභාගීවූ කාන්තාවක් කොරෝනාවෙන් මරුට
...

කොටදෙනියාව ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ වයස්ගත කාන්තාවක් එහිදී හදිසියේම රෝගාතුරව මියගොස් ඇත.

මෙම කාන්තාවගේ මෘත දේහය සම්බන්ධයෙන් කරන ලද පී.සී.ආර් පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිත කාන්තාවක බව දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (26) ප්‍රකාශ කළා.

මෙම කාන්තාව මාතර ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක වන අතර ඇය රෝහලට ගෙන යාමට සහයවූ 8 දෙනෙකු සහ ඇය සමග මංගල උත්සවයට වාහනයෙන් පැමිණි අයවලුන්ට තම නිවෙස් තුලම නිරෝධායනයට යොමු වන ලෙස උපදෙස් ලබා දුන් බව මහජන සෞඛය පරීක්ෂකවරයා සඳහන් කරනවා.

මනාල යුවලද නිරෝධායනය සඳහා යොමුකර ඇති බව දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.


More News
...
Tuesday, 13 April 2021 - 13:10

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්...   Read more

...
Tuesday, 13 April 2021 - 15:15

පසුගිය සෙනසුරාදා දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක ගමන් කල තරුණයන් 04 දෙනාද...   Read more

...
Tuesday, 13 April 2021 - 10:27

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33ට මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවනවා. අප්‍රේල්මස 13 වෙනි අඟහරුවාදා...   Read more

දවසේ වීඩියෝව