Friday, 26 February 2021 - 17:16
ලිංගික අපයෝජන චෝදනා එල්ල වූ අමෙරිකානු පුහුණුකරුවෙක් සියදිවි නසා ගනී
...

ලිංගික අපයෝජන සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වු අමෙරිකානු ඔලිම්පික් කාන්තා කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන ජෝන් ගැඩර්ට් සියදිවි හානි කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ චෝදනා ප්‍රකාශයට පත්කර පැය කිහිපයකට පසුව ඔහු එළෙස සියදිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2012 වසරේ දී අමෙරිකානු කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ජෝන් ගැඩර්ට්, ක්‍රීඩිකාවන් සිය ගණනක පිරිසක් අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල වූ එම කණ්ඩායමේ වෛද්‍යවරයා වන ලැරි නසාර් සමඟ සමීපව කටයුතු කළ අයෙකු ලෙස සැලකෙයි.

ක්‍රීඩිකාවන් 250 දෙනෙකුට අධික පිරිසක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වු එම වෛද්‍යවරයාට 2018 වසරේ දී වසර 300ක සිරදඬුවමක් නියමවිය.
 


More News
...
Tuesday, 13 April 2021 - 8:29

ඇමරිකා එක්සත් ජනපදයේ මින්නියාපොලිස් ප්‍රදේශයේ බෲක්ලින් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පොලීසිය විසින්...   Read more

...
Monday, 12 April 2021 - 11:44

 නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් පැවැත්වූ නෝර්වේ අග්‍රාමාත්‍ය එරීනා සෝල්බර්ග්ට ඇමරිකන්...   Read more

...
Tuesday, 13 April 2021 - 17:10

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදිවරයාගේ අවමංගල්‍ය උත්සවය ලබන...   Read more

දවසේ වීඩියෝව