Friday, 26 February 2021 - 17:59
චීන තානාපති කාර්යාලයෙන් කටුනායකට සෞඛ්‍ය උපකරණ
...
කොරෝනා වසංගත රෝගී තත්වයෙන් ගුවන් තොටුපළ සේවකයින් ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍යාරක්ෂිත උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත පරිත්‍යාග කර තිබෙනවා.
 
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයත්, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමත් අතර දිගු කාළයක් තිස්සේ පවත්වා ගෙන එනු ලබන ඉහළ මිත්‍රශීලීභාවයත්, දිනෙන් දින වර්ධනය වන සහයෝගිතාවයත් මුල් කර ගනිමින් මෙම පරිත්‍යාගය සිදුකර ඇති බව සඳහන්.
 
ආරක්ෂිත ඇදුම් කට්ටල 270 ක් , පාවහන් ආවරණ පෙට්ටි 01 ක් , බැහැර ලිය හැකි මුහුණු ආවරණ 24,000 ක් , කේ.එන්.- 95 මුව ආවරණ 4,800 ක් , ආරක්ෂක ඇස් කණ්නාඩි 120 ක් , අත් ආවරණ 500 ක් සහ ජීවානුහරණ ලාම්පු  උපකරණ 05 ක් මීට ඇතුලත්ව තිබෙනවා.
 


More News
...
Tuesday, 13 April 2021 - 13:10

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්...   Read more

...
Tuesday, 13 April 2021 - 17:00

පසුගිය සෙනසුරාදා දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක ගමන් කල තරුණයන් 04 දෙනාද...   Read more

...
Tuesday, 13 April 2021 - 10:27

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33ට මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවනවා. අප්‍රේල්මස 13 වෙනි අඟහරුවාදා...   Read more

දවසේ වීඩියෝව