Wednesday, 03 March 2021 - 12:52
නාලන්දා විශ්‍රාමික ගුරු සංගමය තිස් වසරක් සපුරයි
...
මෙරට ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන කොළඹ නාලන්දා විද්‍යාලයේ විශ්‍රාමික ගුරු සංගමයට වසර 30ක් සපිරෙනවා.

එම විද්‍යාලයේ ගුරුභවතුන් සහෝදරත්වයෙන් ඒකරාශී කිරීමේ අරමුණ ඇතිව 1991 වර්ෂයේදී මෙම සංගමය ආරම්භ කළා.

ආදී නාලන්දීය ශිෂ්‍ය සංගමය සහ නාලන්දා ආදි වෛද්‍ය සංගමය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුරු උපහාර උළෙලක් තුළින්ද විශ්‍රාමික ගුරුභවතුන් ඇගයීම සිදුකෙරෙනවා.

මෙම ගුරු සංගමය විශ්‍රාමික ගුරුභවතුන්ගේ සුබ සාධනය වෙනුවෙන් මෙන්ම රටේ පවත්නා විවිධ ව්‍යවසනකාරී දුෂ්කර අවස්ථාවලදීත් පොදු සමාජසේවා කටයුතුවලදීත් ක්‍රියාකාරී සහභාගීත්වයක් ලබාදෙනවා.

ධර්මානුකූලව හැසිරෙන්නන් සුවසේ කලගෙවයි යන තේමා පාඨය පෙරටුකරගනිමින් ක්‍රියාත්මක වන නාලන්දා විශ්‍රාමික ගුරු සංගමය සිය 30 වන සංවත්සරය සමරන්නේ මහත් අභිමානයෙන්.


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...