Wednesday, 14 October 2020 - 11:41
අද Light අල්ලන්න එන කෙනා හෙට Photographer කෙනෙක්, ඒ වගේ අය නිසා ක්ෂේත්‍රය තුට්ටුදෙකට වැටිලා - නුවන් චතුරංග
...
අද Newday.lk අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මෝහිණීගෙ ආදර කතාව වෙනස් විදියට සමාජ ගතකරපු කෙනෙක් ගැන. ඒ දේ අහපුවාම ඔබ පුදුම වෙයි මේ වෙනස් විදියෙ අදහස් වෙනස්විදියට ඡායාරූපගත කරන වෙනස්ම පුද්ගලයෙක්. ඔහු ඡායාරූප ශිල්පියෙක්.
ඔබව හැදින්වුවොත්?
මම නුවන් චතුරංග. ඡායාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා.
පවුලේ තොරතුරු මොනවද.?
මගෙ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අක්කයි මල්ලියි.
කොහෙද පාසල් ගියෙ?
මම පාසල් දෙකකට ගියා. අත්තිඩිය මලගලගෙ මහා විද්‍යාලයට සහ කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට.
ක්ෂේත්‍රයට ඇවිත් කොපමණක කාලයක් වෙනවද?
අවුරුදු 5ක කාල සීමාවක් වෙනවා
ඡායාරූප ශිල්පියෙක් වෙන්න හිතුවෙ ඇයි?
හිතේ තිබුන ලොකු අසාවක්‌ ඡායාරූප ශිල්පියෙක් වෙන එක. නිදහස් මනසක් සහ නිර්මාණශීලීව යම් දෙයක් කරන්න පුළුවන් නිසා තවත් ලොකු කැමැත්තක් ඇති උනා.
 
පසුගිය දවස්වල Viral වුන Photoshoot එකක් තමයි මෝහිණීගෙ ආදර කතාව. ඇයි මේ විදිහෙ Shoot එකක් කරන්න හිතුවෙ?
මොනම නිර්මාණ කරුවෙක්වත් සීමා වෙන්න කොටු වෙන්න වාරණ දාගන්න කැමති නෑ. මම හැමදාම කළේ අලුත් නිර්මාණ සොයන එකම තමයි. මම wedding එකක shoot එක උනත් අලුත්ම ක්‍රම යොදා නිර්මාණශීලිව හරිම funny විදිහට තමයි කරන්නේ. අන්න ඒ නිසා මට හිතුනා අපි කා අතරත් ජනප්‍රිය චරිතයක් වන මෝහිණීගෙ කතාව වෙනස් මනඃකල්පිත ලෙස photo shoot එකක් කරන්න. ඇත්තටම ඒක හිතුවට වඩා සාර්ථක උනා. තවමත් සමාජ මාධ්‍ය ජාලාවල මේ shoot එක විවිධ අදහස් චෝදනා විවේචන ගෙනෙන ජනප්‍රිය shoot එකක් වෙලා තියෙනවා. ඇත්තටම ඒක අපි ලොකු කැපවීමක් කරලා කරපු shoot එකක්. රාත්‍රි කාලයේ පාලුවට ගිය භූමියක කළේ. මේක මේ බොහෝ අය මොන දේ කීවත් ලොකු කට්ටක් කාලා කරපු shoot එකක්. හැබැයි ඒ කැපවීමේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා ඒ ගැන ගොඩක් සතුටුයි.
කැමරාවක් අතට ගත්ත කියලා එයා Photographer කෙනෙක් වෙනවද?
නෑ ඒක කොහෙත්ම නෑ. අද මේ ක්‍ෂේත්‍රය විනාශ වෙන්න එකම හේතුව අන්න ඒක තමයි. ඡායාරූප ශිල්පියෙක්ගේ සහයට යන (light ඇල්ලීම සඳහා වගේ) කෙනා ටික දවසක් යද්දී ඔහු තනිවම ඡායාරූප කරණයේ යෙදෙනවා. අන්න එතන තමයි වරදින එකම තැන. මෙම කලාව හොඳ නිවැරදි හැදෑරීමක් ඇතුව කරන්න ඕන දෙයක්. හැදෑරීම විතරක් මදි අත්දැකීම් බහුල වෙන්න ඕනේ. Camara එකේ brand එකවත් නොදන්න අය, camera එකේ setting නොදන්න මිනිස්සු ඡායාරූප කරණයේ යෙදෙනවා. හරියට මිලක් ගැන දන්නේ නෑ. ඔවුන් නිසා මේ Field එකත් තුට්ටු දෙකට වැටිලා තියෙන්නේ. ලොකු කට්ටක් කාලා කැපවීම් කරලා ආව අපිටත් අද වෘත්තීය ගෞරවය නැති වෙලා මේ හේතු නිසා
 
ඒ කියන්නෙ ඔබ ක්ෂේත්‍රය ගැන හැදෑරීමක් කරලා තියෙනවාද?
ඔව්. බොහො ප්‍රවීණයන් සමග වැඩ කරමින් ලබාගත් නිවැරදි පුහුණුව සහ අත්දැකීම් තියෙනවා.
Photoshoot කරන අතරතුර වුන මතකෙ තියෙන රසබර සිද්ධි එහෙම නැද්ද?
මගේ මුළු වෘත්තීය පුරාම ඇත්තේ සුන්දර මතකම තමයි. මොකද මම හරිම විනෝදකාමී සරල කෙනෙක්. මොකද මගෙන් සේවය ලබාගන්න සියළුම දෙනා එක්ක හැමදාම ඒ සහයෝගය බැඳීම තියෙනවා. ඒ තරමටම මේ වෘත්තිය තුළ මම ජනප්‍රිය වෙන්න හේතුව එයයි.
 
ක්ෂේත්‍රය තුළ ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?
අලුත් නිර්මාණ කරමින් වෙනස්ම ආකාරයට ඡායාරූපකරණයේ යෙදෙන්නත්, රසිකයන් අතර හැමදාම සොඳුරු ආදරණීය නිර්මාණ ශිල්පියෙක් වෙමින් ක්ෂේත්‍රයේ රැඳී ඉන්න එක තමයි මගේ එකම බලපොරොත්තුව.
 
කෙනෙක්ට හිතුනොත් නුවන්ට කියලා Photoshoot එකක් කරගන්න. කොහොමද ඔයාව කන්ටැක්ට් කරගන්නෙ?
0768421553 / 0756572815 කියන මගේ දුරකථන අංකවලට කතා කරන්න පුළුවන්. එහෙමත් නැතිනම් Nuwan Chathuranga Photography මගෙ Facebook Fan Page එකට මැසේජ් කරන්න පුළුවන්.

නිශ්ශංක ආරච්චි




More News
...
Tuesday, 11 May 2021 - 11:36

මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා මන්ත්‍රිධූරය...   Read more

...
Saturday, 08 May 2021 - 20:15

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අද දිනයේදී සිය සමාජ මාධ්‍ය ගිණුමට සිය බිරිඳ සමග සිටින ඡායාරූපයක්...   Read more

...
Saturday, 08 May 2021 - 14:41

චීනයේ සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන් මෙරට තුල ක‍්‍රියාත්මක වූ විරෝධතාවන් හා ඒ පසුපස සිටි පුද්ගලයන්...   Read more

දවසේ වීඩියෝව