Friday, 05 March 2021 - 16:33
වාර්තා අලුත් කළ “ක්ලෝයි”
...
 ‘ඇමරිකාවේ ඉහල පෙළේ රැකියාවක් නිරත වූ ෆර්න්ට ඇගේ රැකියාව අහිමි විය. ඒ සමයේදීම ඇගේ සැමියා ද අහිමි විය. තවදුරටත් වෙහෙස වෙමින් සිටින්නට නොසිතූ ඇය ඇගේ වත්කම් සියල්ල වීකුණා දමා ඇයට ගමන් කිරීමටත් ජීවත් වීමටත් හැකි අන්දමේ වෑන් රථයක් මිලදී ගත්තාය. ඇය වෑන් රථයෙන් ඇමරිකාව පුරා සංචාරය කරමින් විවිධාකාරයේ රැකියා කරන්නට වූවාය.

ඇගේ මේ සංචාරයත්, ජීවන අරගලයත් අළලා නිර්මාණය කෙරුණු ‘නොර්ම්ලන්ඩ්’ අපූරු චිත්‍රපටියකි.

ක්ලෝයි සාහෝ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටියට පසුගියදා පැවැති ‘ගෝල්ඩන් ග්ලෝබ්’ සම්මාන උළලේදී හොඳම චිත්‍රපටියට හිමි සම්මානය හිමි වූයේ වාර්තාවක් ද සමඟිනි. සම්මාන උළලේ ඉතිහාසයේ දී සම්මානයක් හිමි වූ දෙවැනි කාන්තාව වශයෙන් ක්ලෝයි වාර්තාවක් පිහිටෙව්වාය. මීට පෙර 1983 දී බාබ්‍රා ස්ටේ‍රයිසෑන්ඩ්ට සම්මානයක් හිමි වී තිබිණි.

“මම වැඩියෙන්ම ආදරේ කරන දේ සැබෑවක් කර ගන්න උදව් කරපු හැමදෙනාටම ගොඩක් ස්තූතියි..” සාහෝ කියන්නීය.

“මම චිත්‍රපටිවලටයි, කතා කියන එකටයි ආදරේ කරන්න ගත්තා... මොකද ඒ දෙකෙන්ම අපිට එක පාර අඬන්නත් හිනාවෙන්නත් අවස්ථාව හදා දෙනවා..”

චීනයේ බීජිං නුවර උපත ලද සාහෝ උසස් අධ්‍යාපනයෙන් පසුව ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්වලට පැමිණියාය. එහිදී වෙනත් රැකියාවක නියැලුණත් 2015 දී ඇය ඇගේ පළමු චිත්‍රපටියේ පිටපත ලියා එය අධ්‍යක්ෂණය කළාය. එය ‘සෝන්ග්ස් මයි බ්‍රදර්ස් ටෝට් මී’ නමින් එළි දැක්වුණු අතර එයින් ඉදිරිපත් වුණේ සහෝදරයෙකු හා ඔහුගේ බාල සහෝදරිය අතර ඇති බැඳීමයි. ඇගේ පළමු චිත්‍රපටියම කැන්ස් චිත්‍රපටි උළෙලේ සේම ‘සන්ඩන්ස් චිත්‍රපටි උළලේ ද ප්‍රදර්ශනය කෙරිණි. 

ඇගේ නිර්මාණ බොහොමයක පිටපත ලිවීම, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය හා සංස්කරණ කටයුතු ද සිදු කරන්නේ ඇය විසින්මය. නෝර්ම්ලන්ඩ්  චිත්‍රපටියද එවැන්නක් වන අතර 2021 වසර වෙනුවෙන් නිර්මාණය කළ ‘එටර්නල්ස්’ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය පමණක් ඇය විසින් සිදු කරන ලදී.

ග්ලෝබ් සම්මාන උළෙලට නිර්දේශ වූ පළමු වතාවේම සම්මාන හිමි කරගත් මෙම චිත්‍රපටියට මේ වන විට තවත් සම්මාන ගණනාවක්ම හිමි ව ඇත.

ග්ලෝඩන් සම්මාන උළලේදී ‘නෝර්ම්ලන්ඩ්’ චිත්‍රපටිය හොද`ම චලන පින්තූර –නාට්‍ය හා හොඳම අධ්‍යක්ෂණය යන සම්මාන හිමි කර ගත්තේය. එය හොඳම තිර රචනයටද, හොඳම නිළිය සඳහා ද නිර්දේශ වුවත් එම සම්මාන දිනා ගැනීමට සමත් වූයේ නැත.

මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ ෆ්‍රැන්සස් ලුවිස් මැක්ඩොර්මන්ඩ් විසිනි. ඇය 1957 ජූනි 23 වැනිදා ඇමරිකාවේදී උපත ලැබූ අතර මේ වනවිට 63 වැනි වයේ පසුවෙන්නීය. නිළියක සේම නිෂ්පාදිකවක ලෙෂ කටයුතු කරන ඇය ඇකඩමි සම්මාන දෙකක්, ප්‍රයිම් ටයිම් එමී සම්මාන දෙකක් සහ ටෝනි සම්මානයක් ඇතුළුව සම්මාන රාශියකින් පිදුම් ලබා තිබේ.

ඇගේ සැමියා වන ජෝ කොඑන් අධ්‍යක්ෂවරයෙක්, තිර පිටපත් රචකයෙක් සේම නිෂ්පාදකවරයෙක් වශයෙන් ද කටයුතු කරයි. ඔහුගේ බොහොමයක් චිත්‍රපටිවල ප්‍රධාන චරිතය හිමිවූයේ ෆ්‍රැන්සස්ට ය. 1984 දී කොඑන් හා මැක්ඩෝර්මන් විවාහ වූ අතර 1995  දී ඔවුන් දරුවෙකු හදා ගැනීමට ගත්හ.

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල ඇමරිකාවේ හොඳම ටෙලිනාට්‍ය හා චිත්‍රපට උදෙසා සම්මාන ප්‍රධානය කරනු ලබන සම්මාන උළෙලකි. මෙවර පැවැත්වුණේ 78 වැනි  සම්මාන උළෙලයි. පෙබරවාරි 28 වැනිදා මෙය පැවැත්වුණේ සාමාන්‍යයෙන් පැවැත්වෙන කාල සීමාවට වඩා මාස දෙකක් පමණ පමා වී ය. කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙහි කටයුතු  බොහොමයක් සිදු කෙරුණේ වර්චුවල් ක්‍රමය යටතේ ය.

මෙහිදී චලන රූප සඳහා හොඳම නලුවා සම්මානය චඩ්වික් බෝස්මන්ටත් හොඳම නිළිය සම්මානය ඇන්ඩ්‍රාා ඩේටත් හිමි විය. ටෙලිනාට්‍ය සඳහා හොඳම නලු නම්මානය ජෝෂ් ඕ කොර්නර් හිමි කර ගත්තේය. ඩැනියල් කලුව්යා හොඳම සහය නළුවා ලෙසටත් ජෝඩි ෆෝස්ටර් හොඳම සහය නිළිය සඳහාත් සම්මාන හිමි කර ගත්හ.

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල ප්‍රථමයෙන් පැවැත්වුණේ 1944 ජනවාරි 20 වැනිදා ෆොක්ස් චිත්‍රාගාරයේදීය. ඒ 1943 වසරේ නිර්මාණය වූ හොඳම චිත්‍රපට අගය කරමිනි. ඉන් අනතුරුව එය බෙවර්ලි හිල්ස් හෝටලය හොලිවුඩ් රූස්වෙල්ට් හෝටලය ඇතුළු විවිධ ස්ථානවල පැවැත්විණි.

බොහෝ සම්මාන උළෙලවල විනෝදාස්වාද ක්ෂේත්‍රයේ චිත්‍රපටි සඳහා අගය කිරීමක් නොමැති අතර 1950 දී හොලිුව් විදේශ පුවත්පත් සංගමය විසින් එම ක්ෂේත්‍රයට විශේෂ ගෞරව සම්මානයක් ලබා දීමට තීරණය කරන ලදී.

එහිදී එම සම්මානයට හිමිකම් කීවේ අධ්‍යක්ෂකවරයෙකු හා නිෂ්පාදකයෙකු වන සිසිල් බී ඩෙමිල් ය. ඔහු විනෝදාත්මක චිත්‍රපටි ජාත්‍යන්තරයට ගෙන යාම අගය කරමින් මෙම සම්මානය පිරිනැමුණු අතර පසුව එම සම්මානයේ නිල නාමය සිසිල් බී ඩෙමිල් ලෙසට වෙනස් විය.

දශක ගණනාවක් තිස්සේ පැවැත්වෙන ග්ලෝබ් සම්මාන උළෙල මේ වන විට ඇමරිකාවේ ප්‍රධාන සම්මාන උළෙලවල් අතරින් එකකි. මෙහිදී විවිධ තේමාවන් යටතේ සම්මානයන් පිරිනැමේ.

වර්චුවල් ක්‍රමයට එනම් වැඩි දෙනෙකු ඔන්ලයින් සම්මාන උළෙල හා සම්බන්ධ කරගෙන කොවිඩ් වසංගතයට අදාළ නිතිරීති පිළිපදිමින් 78 වැනි සම්මාන උළෙල පැවැත්වීමට සංවිධායක මඩුල්ල තීරණය කර තිබිණි. බොහෝ දෙනෙකු ගෝල්ඩන් ග්ලෝබ් වෙබ් අඩවිය හරහා මෙය අගය කර තිබූ අතර ක්ලෝයි සහෝට සම්මානයක් හිමි වීම අගය කිරීමට ලක්ව තිබිණී. කාන්තාවන් අගය කරන්නට මේ ක්ෂේත්‍රයට කාන්තාවන් ගේ පැමිණීමට වැඩිවීමට එම සම්මානය හේතු වෙනු ඇතැයි වැඩි දෙනෙකු අදහස් දක්වා තිබිණි.
 
පවනි උමයංගනා
අන්තර්ජාලය ඇසුරිනි.  



More News
...
Tuesday, 13 April 2021 - 8:29

ඇමරිකා එක්සත් ජනපදයේ මින්නියාපොලිස් ප්‍රදේශයේ බෲක්ලින් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පොලීසිය විසින්...   Read more

...
Monday, 12 April 2021 - 11:44

 නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් පැවැත්වූ නෝර්වේ අග්‍රාමාත්‍ය එරීනා සෝල්බර්ග්ට ඇමරිකන්...   Read more

...
Tuesday, 13 April 2021 - 15:00

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදිවරයාගේ අවමංගල්‍ය උත්සවය ලබන...   Read more

දවසේ වීඩියෝව