Saturday, 06 March 2021 - 8:38
දෙවනි තරඟයෙන් ශ්‍රී ලංකාවට ජය
...

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන විස්සයි 20 තරග ලකුණු 43න් ජය ගැනීමට ජය හිමිකර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (06) සමත්වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 160කි.

එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 56ක් රැස්කළ අතර නවක ක්‍රීඩක පැතුම් නිස්සංක ලකුණු 37ක් රැස් කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකයන්ට පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117ක් පමණකි.

මෙම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සිය පන්දුවාර 04 තුළ ලකුණු 17ක් ලබා දෙමින් කොදෙව් කඩුලු 03 බිඳ දැමීය.

අකිල ධනංජය ලකුණු 13ක් ලබාදී එක් කඩුල්ලක් දවා ගත් අතර ලක්ෂාන් සඳකැන් පන්දුවාර 3.4 ලකුණු 10කට කොදෙව් කඩුලු 03ක් දවා ගත්තේය.

පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 04 ක ජයක් හිමි කරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වී තිබුණි.




More News
...
Friday, 09 April 2021 - 14:22

2021 ඉන්දීය ප්‍රීමීයර් ලීග් (IPL) තරගාවලිය අද (09) ආරම්භ වනවා. අද පැවැත්වෙන මංගල තරගයට ක්‍රීඩාකරනු ලබන්නේ...   Read more

...
Friday, 09 April 2021 - 10:41

කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ, පැවැති ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්නට ඩිල්ෂි කුමාරසිංහ අද සමත් වුණා.ඇය,...   Read more

...
Thursday, 08 April 2021 - 20:30

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංම මහතාගේ සභාපතීත්වයෙන් යුතු ශ්‍රී ලංකා...   Read more

දවසේ වීඩියෝව