Saturday, 06 March 2021 - 10:14
ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10කට කොවිඩ්
ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබෙනවා.
එම අසාදිතයින් මේ වන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බවයි අඹගමුව සෞඛ්‍යය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ.
මෙම ජල විදුලි බලාගාරයේ සේවකයින් තිදෙනෙකුට මිට පෙර කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා එම ජල විදුලි බලාගාරයේ සෙසු සේවකයින් ඊයේ (05) දින ඇන්ටිජන් පරික්ෂාවකට ලක් කර තිබෙනවා.
එහිදි සේවකයින් 07 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි එම නිලධාරියා ප්‍රකාශ කළේ.
එම අසාදිතයින් හමුවිමත් සමග ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ තවත් සෙවකයින් 140 දෙනෙකු පී.සි.ආර් පරික්ෂණයකට භාජනය කර එම සේවකයින් ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ සේවක නිල නිවාස වලම ස්වයන් නිරෝධායනයට යොමුකර ඇති බව සඳහන්.