Saturday, 06 March 2021 - 10:40
ශ්‍රී ලංකා මාලදිවයින් නිදහස් වෙළඳ ගිවිසුමකට රජයේ අවධානය
...


ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර වෙළෙද සබඳතා ඉහල නැංවීමේ අරමුණින් නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හා මෙරට මාලදිවයිනේ මහ කොමසාරිස් ඔමාර් අබ්දුල් රාසික් මහතා අතර පැවති සාකච්ඡාවකදි මේ පිළිබද අවධානය යොමුවු බවයි වෙළෙඳ අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙරටින් මාලදිවයිනට අපනයනය කරන භාණ්ඩ සදහා අයකරන බදු අඩුකිරීම , ගාල්ලේ සිට මුහුදු මාර්ගය ඔස්සේ නිෂ්පාදන භාණ්ඩ මාලදිවයින දක්වා ප්‍රවාහනයට ඇති හැකියාව පිළිබදවත් සාකච්ඡාවේදි අවධානය යොමුවී තිබෙනවා.

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අදාල කරුණුද මෙහිදි අවධානය යොමුවු අතර ඉදිරියේදි ඒ පිළිබද විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්ව සාකච්ඡා කිරීමටද දෙපාර්ශවය එකග වී ඇති බව සඳහන්.


More News
...
Tuesday, 13 April 2021 - 13:10

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්...   Read more

...
Tuesday, 13 April 2021 - 14:55

පසුගිය සෙනසුරාදා දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක ගමන් කල තරුණයන් 04 දෙනාද...   Read more

...
Tuesday, 13 April 2021 - 10:27

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33ට මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවනවා. අප්‍රේල්මස 13 වෙනි අඟහරුවාදා...   Read more

දවසේ වීඩියෝව