Saturday, 06 March 2021 - 10:45
සෑම බස්රථයක් වෙනුවෙන්ම ගසක් සිටුවන්න
...
ජාත්‍යන්තර ප්‍රවාහන දිනය අදට (06) යෙදී තිබෙනවා.

එම දිනයට සමගාමීව වැඩසටහන් රැසක් අද ක්‍රියාත්මක කර තිබෙනවා.     
 
ඒ සම්බන්ධයෙන් අදහස් දක්විමන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මෙසේ පැවසුවා.  

"සෑම බස් රථයක් වෙනුවෙන්ම එක පැලයක් සිටුවන්න පුළුවන් වුණොත් ඒවා ලොකු වෙනකොට පරිසරයට ලොකු සහයෝගයක් ලැබෙයි. මේ ප්‍රවාහන දිනය වෙනුවෙන් ඒ කටයුත්තට මූලිකත්වය දෙන්න අපි තීරණය කළා. රට පුරාම අපේ සෑම ඩිපෝවකම බස් 100ක් තියෙනවා නම් ගස් 100ක් හිටවන්න අපි කටයුතු කරනවා. ගමනාගමන මණ්ඩලයේ සියලුම ඩිපෝ දැනුවත් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා පැල 5000ක් විතර සිටුවන්න පුළුවන් වෙයි. ඒ විතරක් නෙමෙයි ඒ පැල වැඩෙනකම් රැකබලා ගැනීමටත් අපි කටයුතු කරනවා," යනුවෙනි.


More News
...
Tuesday, 13 April 2021 - 13:10

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්...   Read more

...
Tuesday, 13 April 2021 - 15:10

පසුගිය සෙනසුරාදා දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක ගමන් කල තරුණයන් 04 දෙනාද...   Read more

...
Tuesday, 13 April 2021 - 10:27

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33ට මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවනවා. අප්‍රේල්මස 13 වෙනි අඟහරුවාදා...   Read more

දවසේ වීඩියෝව