විදුලි බල පහසුකම් නැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන අද (06) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ආරම්භ වුණා. ඒ ගිරිබාව, වේරගල ගම්මානයේ දී “ගම සමග පිළිසඳරට” සමගාමීවයි.
“දැයට එළිය” වැඩසටහන මගින් විදුලිය නැති සමෘද්ධිලාභී සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින සියලු අඩු අදායම් ලාභි ජනතාවට විදුලිය සැපයීම සිදුවනවා.
විදුලි බල මණ්ඩලය නොමිලයේ විදුලි බල සබඳතාව ලබා දෙන අතර නිවස වයරින් කිරීමට සමෘද්ධි බැංකුව සහන පොලියට ණය පහසුකම් සැපයීමට සැලසුම් කර ඇති බව සඳහන්.
මේ වසර අවසානයට පෙර හඳුනාගත් සියලු නිවාසවලට විදුලිය දීමට රජය අපේක්ෂාවයි.
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින්...   Read more
පසුගිය සෙනසුරාදා දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක ගමන් කල තරුණයන් 04 දෙනාද...   Read more
අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02.33ට මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවනවා. අප්‍රේල්මස 13 වෙනි අඟහරුවාදා...   Read more
2021අප්‍රේල් මස 13