Tuesday, 16 March 2021 - 16:11
ඩිජි­ටල් ගනු­දෙනු ගැන හරියටම දැනගන්න
...
ගිය අවු­රුද්දේ (2020) ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රති­පත්ති පෙර දැක්ම ඉදි­රි­පත් කර­මින් එම අවු­රුද්ද 'ඩිජි­ටල් ගනු­දෙනු වසර' ලෙස නම් කළා. එහි ඇර­ඹුම පිළි­බ­ඳව ඔබගේ මත­කය කෙබඳු ද?

ඇත්ත­ටම 2020 වසරේ මුදල් හා මූල්‍ය ප්‍රති­පත්ති පෙර­දැක්ම ඉදි­රි­පත් කිරී­මට පෙර අප ඊට නව යෝජනා සහ අනා­ගත සැල­සුම් සම්පා­ද­නය කර­මින් සිටියා. ඒ අනුව 2019 මැද භාගයේ පටන් අපි අලු­තින් සිතන්න පටන් ගත්තා. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස වස‍රේ තුන්වැනි කාර්තුව වන විට අලුත් අද­හ­සක් ලෙස අප ජාතික LANKA QR කේත ක්‍රමය ඔස්සේ ඩිජි­ටල් ගනු­දෙනු කිරීමේ පහ­සු­කම වැඩි කිරී­මට යෝජනා කළා. එය ටිකක් පුංචි­යට පටන් ගත් යෝජ­නා­වක්.

'ඩිජි­ටල් ගනු­දෙනු වස­රක්' ලෙස ගිය වසර (2020) නම් කිරී­මට ප්‍රථම පුංචි­යට පටන් ගත් ක්‍රියා­වක් බව මෙය ඔබ හඳු­න්ව­නවා. ඇත්ත­ටම ඒ පිළි­බ­ඳව දැන­ගැ­නී­මට අප කැම­තියි.

අද කාලයේ ජන­තා­වට මීට වස­ර­කට පෙර ඩිජි­ටල් ගනු­දෙනු කිරීම ගැන එත­රම් අත්දැ­කී­මක් තිබුණේ නැහැ. අපේ රටේ ඒ දව­ස්වල ඩිජි­ටල් බැංකු­ක­ර­ණ­යට රටම සූදා­නම් වෙමින් තිබුණේ. අපේ රටේ බැංකු හා මූල්‍ය ආය­ත­න­වල ශාඛා රට පුරා 3000ක් පමණ පිහිටා තිබෙ­නවා. මේවායේ ස්වයං­ක්‍රීය ට්‍රේලර් මැෂින් (ATM), ස්වයං­ක්‍රීය තැන්පතු මැෂින් (CDM) ඊට අම­ත­රව වෙනත් බිල්පත් ගෙවීමේ පහ­සුව සහිත මැෂින් (KIOSK) තිබුණා. නමුත් ජන­තාව මේවා­යින් ලබා ගන්නා සේවා ප්‍රමා­ණ­වත් වුණේ නැහැ. බොහෝ දුරට ATM මැෂින් හරහා මුදල් ගැනීම් පම­ණයි වැඩි වශ­යෙන් ජන­තාව සිදු කළේ.

නමුත් ඊට එහා ගිය සේවා­වක් මේවා තුළින් ලබා­ගැ­නී­මට ජන­තාව පෙළ­ඹ­වී­මක් අප විසින් කළ යුතු යැයි කල්පනා කළා. ඒ අනුව මුලින්ම ඩිජි­ටල් ගනු­දෙනු ප්‍රව­ර්ධ­නය කරන්න දින­යක් නම් කොට ඒ අනුව ක්‍රියා කිරී­මට අප සිතුවා. පසුව එම අද­හස ඩිජි­ටල් ගනු­දෙනු සති­යක්, ඩිජි­ටල් ගනු­දෙනු මාස­යක් ලෙස වැඩි­දි­යුණු කිරී­මට කල්පනා කළා. කෙසේ නමුත් අව­සා­නයේ ගිය අවු­රුද්දේ මුදල් හා මූල්‍ය ප්‍රති­පත්ති පෙර­දැක්ම එළි­ද­ක්වන විට වසර '2020 ඩිජි­ටල් ගනු­දෙනු වසර' ලෙස නම් කර­මින් කට­යුතු කළා.

ශ්‍රී ලංකාවේ ඩිජි­ටල් ගනු­දෙනු වසර ලෙස නම් කර­මින් 2020 වැඩ­ක­ට­යුතු සිදු­කළා. නමුත් ඊට පෙර ලෝකයේ මේ පිළි­බ­ඳව කුම­නා­කා­රයේ ක්‍රියා­දා­ම­යක් ද සිදු වී තිබෙන්නේ?

ඉතා හොඳ ප්‍රශ්න­යක්. ලෝකයේ QR කේත ක්‍රමය හරහා ගනු­දෙනු සිදු කොට ජන­තා­ව­ටත්, ව්‍යාපා­රික ප්‍රජා­ව­ටත් පහ­සු­කම් සැප­යී­මට හැකි­යාව තිබේ දැයි මුලින්ම කතා වුණේ ජපා­නයේ. ඒ 1990 වසරේ. ඔවුන් QR යන්නෙන් අද­හස් කළේ ක්ෂණි­කව ප්‍රති­චාර දැක්වීම (Quick Response) මෙය සිදු­කි­රී­මට යම් බැංකු හා මූල්‍ය ආය­ත­න­ය­කට, වෙනත් පුද්ග­ල­ය­කුට හෝ ව්‍යාපා­ර­ය­කට බද්ධ කර ගැනී­මට ක්‍රම­වේ­ද­යක් තිබිය යුතුයි. සකස් කළ යුතුයි. එය සිය­ලු­දෙනා පිළි­ගත යුතුයි. මෙන්න මේ කථි­කාව තුළ ඉදි­රි­යට ආ අපි මුලින්ම වසර 2017දී කතා­බ­හට ලක් කළා. එම කථි­කාව වඩාත් වේග­වත් කොට 2018 ඔක්තෝ­බර් 09 වැනි දින අප මුලින් කී අන්ද­මට මේ පිළි­බ­ඳව මූලික පිය­ව­ර­යන් ගැනීම ආරම්භ කළා. ස්මාර්ට් ජංගම දුර­ක­ථන පාදක කර­ගෙන විද්යුත් මුදල් (Mobile Phone Based E-Money Systems) හරහා QR කේත ක්‍රම­යක් භාවිතා කිරී­මට හැකි­යාව සොයා බැලුවා. එසේ ගලා ආ වැඩ­පි­ළි­වෙළ වඩා වේග­වත්ව, ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක කිරී­මට හැකි­වූයේ 2019 අව­සන් කාර්තු­වේ­දියි.

අපේ රටේ ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) සහ හර­පත් (ඩෙබිට් කාඩ්) කොප­මණ ප්‍රමා­ණ­යක් ගනු­දෙ­නු­ක­රු­වන් අතර තිබෙ­නව ද?

ඇත්ත­ටම මේ වන විට ඩෙබිට් කාඩ් මිලි­යන 23ක් ක්‍රෙඩිට් කාඩ් මිලි­යන 1.9ක් වැනි ප්‍රමා­ණ­යක් තිබෙන බවට වාර්තා වෙනවා. මේ අත­රින් බොහෝ පහ­සු­කම් ගනු­දෙ­නු­ක­රු­වන්ට සපයා ගැනී­මට හැකි­යාව තිබෙ­නවා. නමුත් ඒ පිළි­බ­ඳව පව­තින උන­න්දුව මදි බවක් පව­ති­නවා. එය පිය­වීම තමයි ජාතික LANKA QR කේත ක්‍රමය හඳු­න්වා­දී­ම­ටත් මුල් වුණේ.

අපේ රටේ ස්ථාවර දුර­ක­ථන සහ ජංගම දුර­ක­ථන භාවි­තය එන්න එන්නම ඉහළ ගොස් තිබෙ­නවා. විශේ­ෂ­යෙන් ජංගම දුර­ක­ථන අත­රින් නවීන ස්මාර්ට් දුර­ක­ථන භාවි­ත­යත් වැඩි වී තිබෙ­නවා. මෙය ජාතික LANKA QR කේත ක්‍රමය වැඩි වශ­යෙන් ප්‍රයෝ­ජ­න­යට ගැනී­මට හේතු­වක් කර ගත හැකියි නේ ද?

අනි­වා­ර්ය­යෙන්ම ඔව්. අපේ රටේ සාමාන්‍ය දුර­ක­ථන ප්‍රති­ශ­තය ජන­ග­හ­න­යෙන් එක් පුද්ග­ල­ය­කුට ගත් විට 133%ක් තරම් වෙනවා. ජංගම දුර­ක­ථන අත­රින් 30 - 35%ක් ස්මාර්ට් දුර­ක­ථන තිබුණෙ. නමුත් මේ වන විට එම ප්‍රමා­ණය 45 -49% දක්වා වැඩි වී තිබෙ­නවා. එයත් අපගේ ඩිජි­ටල් ගනු­දෙනු භාවි­තය වැඩි කිරී­මට විශාල උත්තේ­ජ­යක්, ශක්ති­යක් වී තිබෙ­නවා.

LANKA QR ‍ ජාතික කේත ක්‍රමය භාවි­ත­යට ගනි­මින් ගනු­දෙනු සිදු කිරී­මට මෙරට බැංකු හා මූල්‍ය පද්ධ­තිය සූදා­නම් කිරී­මට ඔබ දෙපා­ර්ත­මේ­න්තුව විශාල වෙහෙ­සක් ගෙන තිබෙ­නවා. ඒ වගේම මහ බැංකුව මෙම පණි­වි­ඩය ජන­තාව වෙත සමීප කිරී­මට කට­යුතු කර­නවා. එහි යම් ප්‍රග­ති­යක් සිදුවී තිබෙ­නවා.

ඇත්ත වශ­යෙන්ම කිව්වොත් අප මෙම LANKA QR ජාතික කේත ක්‍රමය හඳුන්වා දුන් අව­දි­යට වඩා අද වන විට වෙළෙ­ඳ­පොළේ ඩිජි­ටල් ගනු­දෙනු සිදු වූ ප්‍රමා­ණය විශාල වශ­යෙන් වැඩි වී තිබෙන බව සංඛ්‍යා ලේඛන දත්ත පෙන්නුම් කර­නවා. අපේ රටේ ගෙවීම් පිය­වීම් සම්බ­න්ධ­යෙන් නිල වශ­යෙන් කට­යුතු කරන LANKA CLEAR සමා­ගමේ වාර්තා­ව­ලත් මේ බව සඳ­හන් වෙනවා.

LANKA QR ජාතික කේත ක්‍රම‍ය ඔස්සේ ගනු­දෙනු කිරී­මට ගිණු­මක් ආරම්භ කිරී­මට ලැබී තිබෙන ඉඩ­කඩ, ඒ සඳහා තිබෙන අවස්ථා ප්‍රමා­ණ­වත් ද?

ඔව්. මේ සඳහා දැනට හොඳ ඉඩ­ක­ඩක් ලැබී ‍තිබෙනවා. බැංකු හා මූල්‍ය ආය­තන 19ක් ඒ වගේම බැංකු නොවන ආය­තන 3ක් LANKA QR ජාතික කේත ක්‍රමය යටතේ ගනු­දෙනු කිරී­මට සූදා­නම්. ඒ සඳහා අවශ්‍ය පහ­සු­කම් නවීන තාක්ෂ­ණය හා බද්ධ කර ලබා දීමට එම ආය­තන කට­යුතු කර තිබෙ­නවා. එය හොඳ ප්‍රව­ණ­තා­වක්. මෙම ක්‍රම­වේ­දය භාවිත කිරී­මට, ගිණු­මක් පව­ත්වා­ගෙන යෑමට අම­තර මුද­ලක් වැය වන්නේ නැහැ.

ජංගම ත්‍රිරෝද රථ­ය­කින් ගමන් කරන විට LANKA QR ජාතික කේත ක්‍රමය ඔස්සේ මුදල් ගෙවී­මට හැකි­යාව තිබෙ­නවා. ඒ බව යම් තර­මක ජන­තා­වක් දැන සිටි­නවා. එය තවත් ව්‍යාප්ත කළ යුතුයි නේ ද?

අනි­වා­ර්ය­යෙන් ඔව්. අපේ බලා­පො­රො­ත්තු­වත් ජංගම ත්‍රිරෝද රථ­ව­ලින් පම­ණක් නොව ඕනෑම සුළු පරි­මාණ ගනු­දෙ­නු­වක් පවා ඩිජි­ටල් ක්‍රම­යට සිදු­ක­රන තැනට රට ඉදි­රි­යට ගෙන යෑමයි. ත්‍රිරෝද රථ­ව­ලට මීට­රය හඳුන්වා දුන් මුල් අව­දි­යේදී මගී ජන­තාව ත්‍රීවී­ල­රය නතර කොට මීට­රය තිබේ­දැයි විමසා මීට­රය සවි­කොට නැති නම් එයට ගොඩ නොවී සිටියා. මීට­රය සවි කොට ඇති ත්‍රිරෝද රථ­ව­ලින් ගමන් කිරී­මට පෙළ­ඹුණා. අපේ බලා‍පො­රො­ත්තු­වත් ඉදි­රි­යේදී LANKA QR ජාතික කේත ක්‍රමය ඔස්සේ ගනු­දෙනු කිරී­මට සූදා­නම් අය­ගෙන් පම­ණක් එම සේවා ලබා­ගන්නා තැනට රටේ මහ­ජ­න­තා­වගේ මාන­සි­ක­ත්වය, සිතු­විලි ගොඩ­නැ­ඟී­ම­ටයි.

නවීන තාක්ෂ­ණය භාවිත කොට වඩාත් ඉහළ සේව­යක් ලබා ගැනී­මට සියලු දේ සිදු කිරීම හොඳයි. නමුත් තාක්ෂ­ණය පව­තින දෝෂ හෝ දුර්ව­ලතා හේතු කොට­ගෙන යමෙ­කුට යම් අග­ති­යක් සිදු වීමට ඉඩ තිබෙ­නවා නේ ද?

එවැනි ප්‍රශ්න­යක් අහපු එක හොඳයි. ඇත්ත­ටම නවීන තාක්ෂ­ණ­යෙන් සිදු වන ගනු­දෙනු ඇතුළු ඕනෑම කට­යු­ත්ත­කදී දැඩි සුර­ක්ෂි­ත­තා­ව­යක්, විශ්වා­ස­යක් ජන­තා­වගේ සිත් තුළ තිබිය යුතුයි. එවැනි විශ්වා­ස­යක් ගොඩ­නැ­ඟෙන ආකා­ර­යට තාක්ෂණ අංශය දියුණු කිරීම, එම අංශයේ වංචා, දූෂණ ඇති වීමට පව­තින ඉඩ­කඩ අවම කිරීම අපගේ යුතු­කම හා වග­කීම.

අපේ රටේ ගෙවීම් හා පිය­වීම් පද්ධ­ති­වල සුර­ක්ෂි­ත­තා­වය කාර්ය­ක්ෂ­ම­තා­වය පිළි­බ­ඳව ඔබට සෑහී­ම­කට පත් විය හැකි ද?

ඔව් අපේ රටේ ගෙවීම් පිය­වීම් පද්ධ­ති­වල සුර­ක්ෂි­ත­තා­වය කාර්ය­ක්ෂ­ම­භා­වය, තර­ග­කා­රී­ත්වය සහ ස්ථායි­තා­වය ඇති කිරීම මුදල් නීති පනතේ 62 (අ) වග­න්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී තිබෙ­නවා. එම වග­කීම ඉටුකරන අප දෙපා­ර්ත­මේ­න්තු­වයි. මෙහිදී පුළුල් වශ­යෙන් ශ්‍රී ලංකාවේ ගෙවීම් හා පිය­වීම් පද්ධ­ති­වල සුර­ක්ෂි­ත­භා­වය ඒ වගේම මුලින්ම කිව්වාක් මෙන් තර­ග­කා­රී­ත්වය ස්ථායි­භා­වය ඇති කිරී­මට අප කට­යුතු කර­නවා. ගෙවීම් හා පිය­වීම් පද්ධ­තිය නියා­ම­නය හා ආවේ­ක්ෂ­ණය කිරී­මට සහ ජාතික ගෙවීම් පද්ධති ප්‍රති­ප­ත්ති­යක් ක්‍රියා­ත්මක කිරී­මට 2005 අංක 28 දරන ගෙවී‍මේ හා බේරුම් කිරීමේ පද්ධති පනත මඟින් මහ බැංකු­වට පැවරී ඇති ව්‍යව­ස්ථා­පිත බලය ක්‍රියා­ත්මක කර­න්නේත් අප දෙපා­ර්ත­මේ­න්තුව මඟි­නුයි. එප­ම­ණක් නොවේ තත්කා­ලීන දල පිය­වීම් පද්ධ­ති­යෙහි මෙහෙ­යුම් සිදු කිරීම, මූල්‍ය ගනු­දෙනු සඳහා පසු මෙහෙ­යුම් කාර්යාල පහ­සු­කම් සැල­සීම, ස්විෆ්ට් (SWIFT) සන්නි­වේ­දන කට­යුතු කළ­ම­නා­ක­ර­ණය ආසි­යානු නිෂ්කා­ශන සංග­මයේ ACU රට­වල් අතර ගනු­දෙනු සඳහා පහ­සු­කම් සැල­සීම ගෙවීම් පද්ධති යටි­තල පහ­සු­කම් සැල­සීම ආදී කට­යුතු ඉතා­මත්ම විධි­මත්ව ඉටුකරන මහ බැංකුවේ ක්‍රම­වේ­දය නිසා අපේ රටේ ගෙවීම් පිය­වීම් පද්ධ­ති­වල සුර­ක්ෂි­ත­තා­වය ඉතා ඉහළ බව පැව­සිය හැකියි. ‍

මේ වන විට ජාතික LANKA QR කේත ක්‍රම­යට කොප­මණ මූල්‍ය ආය­තන ප්‍රමා­ණ­යක් පැමිණ තිබෙ­නවා ද?

අපේ රටේ බැංකු සහ මූල්‍ය ආය­තන 19ක්, බැංකු නොවන මූල්‍ය ආය­තන 3ක්, මේ සඳහා ගනු­දෙනු කළ හැකි තාක්ෂ­ණය අනුව නව අන්ත­ර්ජාල ඇප් (APP) නිෂ්පා­ද­නය කරන ආය­තන 15ක් මේ වැඩ­පි­ළි­වෙළ සමඟ ඒකා­බද්ධ වී තිබෙ­නවා. ව්‍යාපා­රික ආය­තන ලක්ෂ 1 1/2කට වැඩි ප්‍රමා­ණ­යක් මේ ක්‍රමය යට‍තේ ගනු­දෙ­නු­ව­ලට පිවිස සිටි­නවා. එය ආර­ම්භ­යට වඩා වේග­යෙන් වැඩි­වී­මක් වර්ත­මා­න­යේදී දක්නට ලැබෙ­නවා.

LANKA QR ක්‍රම­වේ­දය යටතේ ගනු­දෙනු සිදු කිරී­මේදී ව්‍යාපා­රි­ක­යින්ගේ 1 - 2%ක වට්ටම් මුද­ලක් (MERCHANT DISCOUNT RATE) (MDR) අය කර­න­වද?

ඇත්ත­ටම ශ්‍රී ලංකා මහ බැංකුවේ අප ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් අය කළ එම මුදල පසු­ගිය වස­රේදී 0.5%කට අඩු කළා. එම මුදල මේ වසරේ මැද වන­තු­රුත් එලෙ­සම අඩු කර කට­යුතු කරන ලෙස දැනුම් දී තිබෙ­නවා. අපි එලෙස තීන්දු ගත්තේ වැඩි ඩිස්ක­වුන්ට් ප්‍රමා­ණ­යක් ගෙවී­මට සිදු වුව­හොත් ව්‍යාපා­රි­ක­යින් තම ව්‍යාපා­රික ආය­ත­නය තුළ ගනු­දෙ­නු­ව­ලට නව ක්‍රම­වේ­දය භාවිතා නොක­රයි යන සිතු­විල්ල මතයි. ඔවුන්ට නව ක්‍රම­වේ­දය භාවිතා කිරීම තුළ වාසි සැල­සීම කළ යුතුයි. එවිට ඔවුන් එය ජන­තා­වට වැඩි වැඩි­යෙන් හඳුන්වා දීමට පිය­වර ගන්නවා. ඒ අනුව අපි ඉදි­රි­යේදී තව­දු­ර­ටත් මෙම ප්‍රති­ශත අඩු කළ යුතුයි යන සිතු­විල්ලේ තමයි සිටින්නේ. ඊට අම­ත­රව තවත් දෙයක් අප සිදු­ක­ර­නවා.

එය කුමක්ද?

යම් ව්‍යාපා­රික ආය­ත­න­යක් LANKA QR කේත ක්‍රමය භාවිත කොට රජයේ ආය­ත­න­යක් සමඟ ගනු­දෙ­නු­වක් සිදු කළ විට ව්‍යාපා­රික ආය­ත­නයේ 0.5%ක වට්ටම අය කර­ගන්නේ නැහැ. එසේ කර­නුයේ හැකි තරම් මේ ක්‍රම‍වේ­දය ඔස්සේ රජයේ ආය­ත­න­වල ගනු­දෙනු සිදු කිරී­මට ඉඩ ලබා­දීමේ අර­මු­ණින්.

මෙම ක්‍රම­වේ­දය හරහා ගනු­දෙනු සිදු කිරී­මට අලු­තින් අන්ත­ර්ජාල ගනු­දෙනු ක්‍රම විධි (APP) හඳුන්වා දිය යුතුයි. එවැනි ඇප්වල සුර­ක්ෂි­ත­තා­වය පිළි­බඳ වග කියන්නේ කවුද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ අපි APP ක්‍රම­වේ­ද­යට අනුව ගනු­දෙනු කළ හැකි නව APP නිර්මා­ණ­ක­රු­වන්ට මඟ­පෙ­න්වීම් 26ක් ලබා දී තිබෙ­නවා. එම මඟ­පෙ­න්වී­ම්ව­ලට අනු­ග­තව ඔවුන් එම නව නිර්මාණ කළ යුතුයි. එසේ කළ නිර්මා­ණය පිළි­බ­ඳව කිසිදු දෝෂ­යක් නැති බවට තුන්වැනි පාර්ශ්වය ස්වාධීන විග­ණ­න­යක් හරහා සනාථ කර­ගත යුතුයි. ඊටත් අම­ත­රව LANKA CLEAR ආය­ත­නයේ අනු­මැ­තිය ලියා­ප­දිං­චිය ඒ සඳහා හිමි­විය යුතුයි. මෙම කරුණු තුන සපුරා ගන්නා ඇප්ව­ලට පම­ණක් නව ක්‍රම­වේ­දය ඔස්සේ ගනු­දෙනු සිදු කිරී­මට ඉඩ කඩ සලසා දී තිබෙ­නවා. ඒ නිසා කිසි­ව­කුත් ඒ ගැන අනි­යත බියක් ඇති කර ගත යුතු වන්නේ නැහැ.

කොවිඩ් 19 ගෝලීය වසං­ග­තය හමුවේ කාසි හා නෝට්ටු භාවි­තය තුළින් පවා කොවිඩ් වයි­ර­සය පැතිර යා හැකි බව සෞඛ්‍ය බල­ධා­රීන් පෙන්වා දී තිබෙ­නවා. මේ නිසා වයි­ර­ස­යෙන් ආරක්ෂා වීමට පවා අපට LANKA QR ජාතික කේත ක්‍රමය ඔස්සේ ගනු­දෙනු සිදු කිරී­මෙන් හැකි­යාව ලැබෙ­නවා නේ ද?

අනි­වා­ර්ය­යෙන්ම ඔව්. මෙම ක්‍රම­වේ­දය භාවිත කිරීම තුළ ගනු­දෙ­නු­ක­රු­ව­න්ටත්, ව්‍යාපා­රි­ක­යි­න්ටත් විශාල වශ­යෙන් තමන්ගේ කාලය හා ශ්‍රමය ඉතිරි වෙනවා. ගනු­දෙනු වේග­වත් වෙනවා. එප­ම­ණක් නොවෙයි බැංකු නොයා බැංකු කට­යුතු බැංකු සේවා ලබා ගැනී­මට ඉඩ ලැබී තිබෙන නිසා අන්ත­ර්ජා­ලය ඔස්සේ සියලු ගෙවීම් පිය­වීම් සිදු කිරී­මට ඉඩ ලැබීම විශාල සහ­න­යක්. එය සෞඛ්‍යා­ර­ක්ෂිත ක්‍රම­වේ­ද­යක් වගේම වයි­ර­ස­යෙන් ගැලවී සිටී­මට මඟක් වීමත් සතු­ටට කරු­ණක්.

අපේ රටට වාර්ෂි­කව මුදල් නෝට්ටු නිෂ්පා­ද­නය කිරී­මට වැය වන මුදල යම් තර­ම­කින් හෝ ඉතිරි කර ගැනී­මට මුදල් රහිත ගනු­දෙනු ක්‍රම­වේ­දය හරහා සිදු­වීම වාසි­යක් නේ ද?

ඔව්. ඇත්ත­ටම අපේ ර‍ටේ 2019දී මුදල් නෝට්ටු මුද්‍ර­ණය කිරීම සඳහා රුපි­යල් කෝටි 320ක මුද­ලක් වැය වුණා. ඊට අම­ත­රව මෙම මුදල් තොග ප්‍රවා­හ­නය කිරී­මට, ගබඩා කිරී­මට, ආරක්ෂා කිරී­මට, බෙදා­හැ­රී­මට, පළුදු වූ නෝට්ටු‍ ­වි­නාශ කිරී­මට තවත් මුද­ලක් වැය වෙනවා. මේ නිසා හැකි තරම් කාසි හා නෝට්ටු භාවි­ත­යෙන් තොර ගනු­දෙනු ක්‍රම­වේ­ද­යක් රටට හඳුන්වා දීම තුළ ජාතික ආර්ථි­ක­යට විශාල සේව­යක් සැල­සෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අද­හ­සයි. ඒ අනුව තමයි මේ ක්‍රම­වේ­දය ආරම්භ කිරී­මට පවා අප කල්පනා කළේ.

ශ්‍රී ලාංකික පුර­වැ­සි­යන් ඊට පව­තින සූදා­නම පිළි­බඳ ඔබගේ අද­හස කුමක් ද?

ඉතාම සතු­ටෙන් ප්‍රකාශ කරන්න පුළු­වන් අපේ රටේ ජන­තාව වේග­යෙන් ඩිජි­ටල් ගනු­දෙනු කරා ප්‍රවේ­ශය ලබා­ගෙන තිබෙ­නවා. අපේ රටේ ජන­ග­හ­න­යෙන් 83%ක් පමණ තාමත් ග්‍රාමීය ප්‍රදේ­ශ­වල ජීවත් වන්නේ. මෙම පිරිස් වලට නව ලොව තාක්ෂ­ණය සමඟ ගනු­දෙනු කිරී­මට ඇති පහ­සු­කම් වැඩි දියුණු කළ යුතුයි. ඒ සඳහා අපේ රටේ බැංකු හා මූල්‍ය පද්ධ­තියේ සූදා­නම් කිරීම, යටි­තල පහ­සු­කම් දියුණු කිරීම කළ යුතුයි. රජ­යත් ඊට මුල පුරා තිබෙ­නවා. මූල්‍ය ආය­ත­නත් දැනට ඒ සඳහා කට­යුතු කර තිබෙ­නවා. එය සතු­ටට කරු­ණක්. නමුත් අපි වැඩි­දු­ර­ටත් මෙම ගනු­දෙනු සිදු කිරීමේ වාසිය ගනු­දෙ­නු­කාර භව­තුන්ට පැහැ­දිලි කළ යුතුයි. ඒ සඳහා දෙපා­ර්ත­මේන්තු‍වේ අපි විවිධ වැඩ­මුළු සම්ම­න්ත්‍රණ පවා සිදු කර­මින් සිටි­නවා. ඉදි­රි­යට එය වේග­වත් කළ යුතුයි.

ජය­සිරි මුණ­සිංහ


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...