Monday, 28 September 2020 - 11:50
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ්
...

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 13දෙනා ඔක්තෝබර් මස 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් නියෝග කළා.


ඒ ඊට අදාල නඩුව අද  (28) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මෙහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සැකකරුවන් විසින් මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 130 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව "මංජු" නමැති සැකකරුවකු අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරමින් පවතින බවයි.

මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අනතුරුව පිස්තෝල දෙකක් සහ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සොයා ගත් බවත් ඒවායේ අංක ඔස්සේ විමර්ශන පැවැත්වූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළා.

එහිදී ඉන් එක් පිස්තෝලයක් 1996 වසරේ දෙසැම්බර් 31 වනදා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට නිකුත් කළ ගිනි අවියක් බවට කරුණු අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

යුද හමුදාව සතු ගිනි අවියක් මේ ආකාරයෙන් පාතාල සාමාජිකයන් අතර පත් වූයේ කෙසේ දයන බරපතළ ප්‍රශ්නය මේ වන විට පැන නැගී ඇතැයි පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා යුද හමුදාව විසින් එම ගිනි අවිය නිකුත් කළේ කුමන නිලධාරියාට දඑය පාතාල සාමාජිකයින් අතට පැමිණියේ කෙසේද? යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවද ඔහු අධිකරණය හමුවේ කියා සිටියා. කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් ලබන 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ.



More News
...
Thursday, 07 July 2022 - 4:44

මත්කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් 32 දෙනකුගේ රුපියල් මිලියන 830ක දේපොළ මේ වන විටත් තහනම් කර ඇති...   Read more

...
Wednesday, 06 July 2022 - 7:31

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ මැණික් කැණීමේ දැවැන්ත...   Read more

...
Friday, 01 July 2022 - 5:54

මොරටුව කටුබැද්දේදී පිංවත්තේ උක්කුවා ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීම ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක්...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...