Wednesday, 31 March 2021 - 11:34
ලාංකීය කෘෂිකර්මය නඟා සිටුවීමට හරිත Tv
...
දේශීය කෘෂිකර්මාන්තය වෙනුවෙන් හරිත Tv නාලිකාව අද සිට රූපවාහිනි නාලිකා අතරට එක් වෙනවා.

මෙම නාලිකාව ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතන පාලක සභාව විසින් ආරම්භ වූවක්. ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් Peo Tv ආයතනයත් මෙම කර්තව්‍යට එක් වී සිටිනවා.

අතීතයේ සිට පැවති ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය යටතේ පැවති ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයට යළි පණ පෙවීමයි මෙහි අරමුණ.

සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය, ඒ හා බැඳුණු කෙම් ක්‍රම සහ විදෙස් කෘෂිකර්මය පිළිබඳ දැනුම ද ව්‍යවසායකත්වය ද වැඩසටහන් මෙහි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

නිවෙස්වල සිටින ගෘහණියන්ට ස්වයං රැකියා අවස්ථා හිමිකර දීම, රටේ දරුදැරියන්ට සංස්කෘතිය හා යහපත් ගුණධර්ම පිළිබඳ මනා අධ්‍යාපනයක් ලබා දීමත් හරිත නාලිකාව හරහා සිදු කිරීමට අපේක්ෂිත යි.

එසේම පරිසරය සුරකින ආකාරය මතු පරපුරට දායාද කිරීමත් රටේ ස්වයංපෝෂිතය නඟා සිටුවීමත් හරිත නාලිකාවේ මෙහෙවරක්.


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...