Wednesday, 31 March 2021 - 12:41
2019 උසස්පෙළ විශිෂ්ටයන්ට KDU සරසවියට ඇතුලත් වීමට වරම්
...
2019 වසරේ උසස් පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ සිසුන් සිය දෙනකු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මීට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම තීරණය ගෙන තිබෙන්නේ එම වසරේ දී විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වීම නිසා ඉහළ ප්‍රතිඵල ලැබූව ද වෛද්‍ය, ඉංජිනේරු හා කළමනාකරණ වැනි උපාධි පාඨමාලාවලට ඇතුළත් වීමට නොහැකි වීමෙන් අසාධාරණයක් සිදු වූ බව සිසුන් මෙන් ම දෙමව්පියෝ ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කළ චෝදනාවට පිළියමක් වශයෙනි.

එම ගැටලුවට විසඳුමක් වශයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ සිසුන් පන්සිය හතළිස් දෙනකු අමතරව විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගත් අතර ඉහත තීරණය ගෙන ඇත්තේ ඉතිරිව සිටින සෙසු සිසුන්ට ද සාධාරණ අවස්ථාවක් ලබා දීම සඳහායි.

තවද මෙම සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වූයේ නම් වැය කළ යුතු මුදල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ලබා දෙන බව ද වැඩිදුරටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...