Wednesday, 31 March 2021 - 16:33
විස පොල්තෙල් ගැන දැනගමු
...
පොල්තෙල් කියන්නේ මේ දවස්වල රටපුරා ආන්දෝලනාත්මක පුවත් මවන්න පවා සමත්වෙලා තියෙන මාතෘකාවක්. ඒ ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය අඩංගු ආනයනික පොල්තෙල් රටපුරා බෙදාහැරීම අනාවරණය වීමත් සමඟයි.

ඇෆ්ලටොක්සින් යනු පිළිකා කාරක රසායන ද්‍රව්‍යයක්. ඇෆ්ලටොක්සින් වර්ග 14 ක් පමණ ලෝකයේ තිබෙනවා. නමුත් ඉන් මිනිසාට සහ සතුන්ට හානිදායක වන්නේ වර්ග 4 ක් පමණයි. මෙය ප්‍රධාන වශයෙන්ම නිපදවන්නේ Aspergillus flavus සහ Aspergillus parasiticus නම් දිලීර එහෙමත් නැත්නම් පුස් වර්ගය යොදාගෙනයි. හයිඩ්‍රොකාබන වලලු පහක් එකිනෙක බැඳී සෑදුන රසායනික ද්‍රවයක් තමයි ඇෆ්ලටොක්සින් කියන්නේ. එහි පාරජම්බුල කිරණ හමුවේ නිකුත් වන ෆ්ලොරසන්ට් ආලෝකයේ වර්ණය අනුව මේ රසායන ද්‍රව්‍ය හඳුනාගත හැකි වර්ග 4ක් ඇත. මේ රසායන ද්‍රව්‍ය හඳුනාගත හැකි ආකාරයට B1,B2 නිල් පාට, G1,G2, කොළ පාටක් ගනී. Aspergillus parasiticus විසින් B G දෙවර්ගයම නිෂ්පාදනය කරන අතර Aspergillus flavus නිෂ්පාදනය කරන්නේ B වර්ගය පමණයි.

කෘෂිකාර්මික නිෂ්පාදන මත සෑදෙන වන මෙම දිලීර වර්ගය තෙත්, උණුසුම් ස්ථානවල ගබඩා කිරීමේදී වර්ධනය වීමක් සිදු වෙයි. විශේෂයෙන්ම මේවා කජු, මඥ්ඥොක්කා, ඉරිඟු, මිරිස්, හාල්, වී, සෝයා, තිරිඟුපිටි, වෙනත් ඇට වර්ග සහ කුළුබඩු වර්ග මත වර්ධනය වේ. ඒ නිසා මේ දේවල් භාවිතයට ගත යුත්තේ හොඳින් අව්වේ වියලීමෙන් පසුවය.

ආහාරයක් ඔස්සේ ශරීරයට ඇතුළු වන ඇෆ්ලටොක්සින් වැඩියෙන්ම හානි කරන්නේ අක්මාවයි. අක්මාවේ ඇති සයිටක්‍රෝම් P 450 මගින් ඇෆ්ලටොක්සින් සක්‍රීය කරයි. එය සිරුරේ වූ DNA හා සම්බන්ධ වී DNA නිෂ්පාදනය අවහිර කිරීම, පිළිකා කාරක ජාන සක්‍රීය කිරීම, සෛල විභේදනය විකෘති කිරීම යන කරුණු මගින් සාමාන්‍ය සෛල පිළිකා කාරක සෛල බවට පත් කරනු ලබයි. පසුව පිළිකා සෛල වේගයෙන් විභේදනය වෙමින් පිළිකාව ඇති කරනවා.


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...