Monday, 05 April 2021 - 12:40
රෝග රැසකට ගුණ දෙන සියඹලා
...
සියඹලා පැබසියෝ කුලයට අයත් නිවර්තන කලාපීය සදාහරිත වෘක්ෂයකි. දකුණු ආසියාවට හා නිවර්තන අප්‍රිකාවට ආවේණික යැයි සැලකේ. උචිත පරිසර සාදක යටතේ අඩි 80 -100 උසට වැඩේ. කුඩා පොකුරු වශයෙන් කහ පාට මල් හට ගනී. සුළඟට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාකයකි. ශාකයේ බීජ අක්‍රමවත් ආකාරයෙන් අඟල් 3-4 දිග කරල් තුළ හට ගනී. කරල තුළ පවතින දුඹුරු පැහැති මාංශල කොටස ආහාරයට ගත හැකිය. ඇඹුල් රසැති එය කුළු බඩුවක් ලෙස පෙරදිග රටවල බහුලව භාවිත කරනු ලබයි.

මෙරට මුහුදු මට්ටමේ සිට මීටර් 1000ක් පමණ උස් වූ තෙත් කලාපයේ සහ වියළි කලාපයේ සාරවත්ව වැඩෙන දැකුම්කළු සදාහරිත වෘක්ෂයකි.

ඉඳුණු සියඹලා මිහිරි හා ඇඹුල් මිශ්‍ර රසකින් යුක්තය. පරණ වූ සියඹලා බොර ආහාර රුචිය වඩවයි, පිපාසය සමනය කරයි. සියඹලා බොර විරේචන ගුණයෙන් යුක්තය. සියඹලා කරලේ ලොඳ වැනි කොටස දිය කිරීමෙන් සියඹලා බොර සකස් කර ගත හැකිය. ඉදුණු සියඹලා කරල්වල බොර සහ අඹරා ගත් සියඹලා පත්‍ර කල්කය දැවිලි සහිත ඉදිමුමට ආලේප කරයි. වසරක් දෙකක් පමණ පැරණි වූ ඉදුණු සියඹලා පල ආමාෂයට සහ

අන්ත්‍රවලට ගුණදායකය. මල බද්ධය දුරු කරවයි. හදවතට ගුණදායකය. සියඹලා දලු හා මල් ශීත වීර්යයයි. සියඹලා මල් හා දලු අතීසාරයට ව්‍යංජනයක් ලෙස ආහාරයට ගනී. සියඹලා මල් අඹරා ප්‍රදාහ කාරක රෝගවලට ආලේප කරයි. මිරිකා ගත් සියඹලා මල් යුෂ රක්ත අර්ශස් රෝගයේදී පානය සඳහා දෙනු ලබයි.

සියඹලා ඉන්දියානු ජාතිකයන් සිය ආහාරවලට ප්‍රධාන වශයෙන්ම එක් කර ගන්නා කුළු බඩුවකි. මද්‍යසාර, මත් විෂ පහ කිරීම සඳහා ද සියඹලා යුෂ භාවිත කරයි. සියඹලා පොතු ස්වරසය, අන්ත්‍ර ශුල වේදනා සමනය කරයි. සියඹලා කුඩා දරුවන්ට අනගි විරේක ඔසුවකි.අව්වේ සිටීමෙන් ඇතිවන ශරීර පීඩා දැවිල්ල සහිත රෝග නැසීමේ ශක්තිය සියඹලා තුළ පවතී.

සියඹලා ඇට කහට රසයෙන් යුක්තය. සියඹලා බීජයේ රතු පැහැති කුරුට්ටේ අතීසාර නාශක ගුණ පවතී. සියඹලා බීජවලින් සකස් කළ ඖෂධ උණ, මුත්‍රා ව්‍යුහගත ආබාධ සන්ධිගත රෝග නසයි. පත්‍රවලින් සකස් කර ගන්නා කසාය උගුරේ ආබාධවලදී උගුර සේදීම සඳහා ගැනේ. ඉදුණු සියඹලා කරලේ පොතු ලවණ ලෙස ඖෂධ පිණිස ගත හැකිය. පිලාවේ ඉදිමුමට සියඹලා භෂ්ම ගුණදායකය. පොතු භෂ්ම ජීර්ණ පද්ධතියේ රෝගවලදී ඖෂධ යෝග සමඟ යෙදේ. සියඹලා ශීතා ද රෝගයට ගුණදායකය. විටමින් සී ඌනතා රෝගවලදී සියඹලා බොර සීනි යොදා සකස් කර ගත් සිරප් දෙහි යුෂ සමඟ මිශ්‍ර කර පානය කරයි. සියඹලා පත්‍ර අමු කහ සමඟ තම්බා ගත් ජලය කුෂ්ඨ දැවිලි ආදී අවස්ථාවලදී සේදීමට ගනු ලබයි. සියඹලා කොළ තැවිල්ල වාත වේදනා දුරු කරයි. කුළු බඩු හා ඖෂධයක් ලෙස භාවිත කරන සියඹලා ශාකයේ පත්‍ර, කරල්, පොතු ආදී කොටස් කෑම අරුචිය, පිපාසය, මල බද්ධය, අතීසාරය, ආමවාත, විවිධ ප්‍රදර රෝග, උණ, ශුක්‍ර දෝෂ, සප්න දෝෂ, කුෂ්ඨ, සර්ප විෂ, කැස්ස ආදී රෝග ගණනකට වෙනත් ඖෂධ සමඟ ප්‍රයෝග කෙරේ. අනෙකුත් පලතුරු සමඟ සසඳන කල සියඹලා කරල් සතු ආම්ලික කොටස් ඉහළ අගයක පවතී.

සටහන - ඒ.පී. ගුණරත්න
දිනමිණ


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...