Monday, 05 April 2021 - 13:16
පෝෂණ ලොවේ යකඩ නිධිය
...
කෙසෙල් මුව
කෙසෙල්වල මූලාරම්භය ඉන්දියාව සහ පිලිපීනය ඉන්දුනීසියාව, මැලේසියාව වැනි අග්නි දිග ආසියා ප්‍රදේශ ලෙස සැලකේ.

ක්‍රි:පූ : 500 පමණ ඉන්දියාවේ ලියැවුණ සංස්කෘත ග්‍රන්ථවල කෙසෙල් ගැන සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ද ක්‍රි:ව: 301දී රජ වූ බුද්ධදාස රජතුමා විසින් රචිත "සාරාර්ථ සංග්‍රහයේ " කෙසෙල්වල ඇති ඖෂධිය ගුණය පිළිබඳ සඳහන් වේ. මේ තරම් දිගු ඉතිහාසයක් තිබුණ ද කෙසෙල් පිළිබඳව අපේ ජනතාවගේ දැනුම අවබෝධය එතරම් සතුටුදායක මට්ටමක නොපවතී.

ලෝකයේ කෙසෙල් ජනප්‍රිය පලතුරක් ලෙස ප්‍රචලිතව පැවතිය ද කෙසෙල් මුව ආහාරයට ගන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියා රටවල් කිහිපයක පමණි. එළවළුවක් ලෙස කෙසෙල් මුව තායි කෑම වේලේ ජනප්‍රිය අංගයකි. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවල ඉතා ඉහළ පෝෂ්‍ය ගුණයකින් යුත් කෙහෙල්මුව එතරම් ජනප්‍රිය ආහාරයක් නොවේ.

Musa saptientum යන උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වන කෙසෙල් ශ්‍රී ලංකාවේ ද පලතුරු වගාවක් ලෙස ප්‍රචලිත වී ඇත. කෙසෙල් සංස්කෘත භාෂාවෙන් රදලි සහ රඹ යන නම්වලින් හඳුන්වන අතර ශ්‍රී ලංකාවේ ද කෙසල්වලට එම නම් භාවිත කෙරේ. කෙසල් මුව වතු මුව ලෙස ද ලංකාවාසීන් විසින් හඳුන්වනු ලබයි. අපේ රටේ ද ඈත අතීතයේ සිට කෙසෙල් මුව එළවළුවක් ලෙස ආහාරයට ගෙන ඇතත් එතරම් ජනප්‍රිය ආහායක් නොවේ. එහි ඇති පෝෂණීය සහ ඖෂධීය ගුණය

පිළිබඳව ජනතාවට අවබෝධයක් නොමැති වීම එයට හේතු වන්නට ඇත.

නවතම විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව කෙසෙල් මුව ග්‍රෑම් 100ක යකඩ මිලි ග්‍රෑම් 56.4 ක් අඩංගු වේ. මේ නිසා කෙසල්මුව පෝෂණ ලොවේ යකඩ නිධිය ලෙස පෝෂණ විද්‍යාඥයෝ හඳුන්වති. සමහරු පෝෂණ ලොවේ යකඩ රැජන ලෙස නම් කිරීමට පෙළැඹී ඇත්තේ එහි ඇති විශාල යකඩ ප්‍රතිශතය හේතුවෙනි. යකඩවලට අමතරව

තඹ මිලි ග්‍රෑම් 13 ක් අඩංගු වේ. එමෙන්ම කෙ‌ෙසල් මුවවල පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සෙලනියම්, සින්ක් ඇතුළු

ඛනිජ වර්ග රාශියක් අඩංගු වේ. ආහාරමය කෙඳි (Fibre) අඩංගු වීම තවත් විශේෂ ලක්ෂණයකි. මේ හැර කෙසෙල් මුව ප්‍රෝටීන් බහුල ආහාරයකි. විටමින් A,C අඩංගු නිසා ශරීරයට හානි කර දේ විනාශ කරන ප්‍රතිඔක්සිකාරක ගුණය ඇත.

යකඩ යනු රුධිරය නිෂ්පාදනයට අත්‍යාවශ්‍ය ඛනිජ ලවණයකි. ප්‍රතිශක්ති පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා යකඩ අත්‍යවශ්‍ය වේ. රුධිරයේ යකඩ පදාර්ථ අඩුවීම ලේ හිඟකම හෙවත් රක්තහීනතාවයට බලපාන ප්‍රධාන සාධකයකි.

ශ්‍රී ලංකාවේ ගර්භණී මව්වරු සහ ළමයින් අතර බහුල ඌනතා රෝගයක් ලෙස රක්තහීනතාවය හඳුනාගෙන ඇති මහජන සෞඛ්‍ය ගැටලුවකි. පීකුදුවල මෙන් දහ ගුණයක් ද, නිවිතිවල මෙන් විසි ගුණයක් ද කෙසල් මුවවල යකඩ අඩංගු වේ. ලොව වැඩිපුරම කොපර් (තඹ) අන්තර්ගත ආහාරය කෙසෙල් මුව ලෙස පිළිගැනේ. ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ ලවණයක් ලෙස ඉතා ඉහළ යකඩ ප්‍රමාණයක් කෙසෙල් මුවවල අඩංගු වූවත් යකඩ අඩංගු ශාකමය ආහාර ලෙස ජනප්‍රිය වී ඇත්තේ

නිවිති, මෑ, මුං, බෝංචි වැනි ඇට වර්ගයි. ඒ නිසා කෙසල් මුවවල යකඩ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම අප සමාජයේ ඇති මහජන සෞඛ්‍ය ගැටලුවක් වන රක්තහීනතාවය (Anaemia) වැළැක්වීමට කළ හැකි සතුටුදායක ක්‍රියාමාර්ගයකි.

කෙසෙල් මුවවල සුළු ප්‍රමාණයක් එතනෝල් අඩංගු නිසා සමහර බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව ඇත. එමනිසා ඇතැම් බෝවන රෝගවලින් වැළකීමට කෙසල් මුව ආහාරයට ගැනීම ප්‍රයෝජනවත්ය. කෙසෙල් මුව ආහාරමය තන්තුවලින් පොහොසත් නිසා දියවැඩියාව වැළැක්වීමට ඉතා ප්‍රයෝජනවත් ආහාරයකි. මෙහි ප්‍රතිඔක්සිකරක ගුණ

ඉහළ නිසා පිළිකා වැනි රෝග වළක්වන අතරම අකලට වයසට යෑම වළක්වයි.

කෙසෙල් මුව වතුමුව කරිය, කෙ‌ෙසල් මුව ඇඹුල, කෙසෙල් මුව අච්චාරු, කෙසෙල් මුව සලාද, කෙසෙල් මුව සම්බෝලය ආදි වශයෙන් විවිධාකාරයෙන් සකසා ආහාරයට ගත හැකිය. සාම්ප්‍රදායික ලෙස පිසින වතු මුව කරියට වඩා නව සූප ශාස්ත්‍ර ක්‍රම අනුව විවිධත්වයකින් පිස ගැනීමෙන් කෙසෙල් මුව රසවත් කෑමක් ලෙස ආහාරයට ගත හැකිය. මෙසේ පිස ගත් කෙසෙල් මුව නිතර ආහාරයට ගැනීමෙන් තමාගේ පෝෂණ තත්ත්වය යහපත්ව පවත්වාගෙන යා හැකි අතර ලෙඩ රෝගවලින් වැළකී සිටිය හැකිය. කිරිදෙන මව්වරුන්ට කිරි එරෙන අතර කෙසෙල් මුවවල ප්‍රොජෙස්ටරෝන් වැඩි කිරීමේ හැකියාව ඇති නිසා ගර්භාෂය ශක්තිමත් කරනු ලබයි. එමෙන්ම කාන්තාවන්ගේ මාසික ආර්තවයේදී ඇතිවන අධික රුධිර වහනය පාලනය කරයි. පිළිකා වළක්වයි. රක්තහීනතාවයෙන් පෙලෙන ගර්භණී මව්වරුට සහ ළමයින්ට ලේ හිඟකමට පිළියමකි. උදරයේ ඇතිවන තුවාලවලට සහනයක් ඇති කරන අතර මලබද්ධය වළක්වයි. අධිරුධිර පීඩනය පාලනය කරයි.

කෙසෙල් මුවවල ඇති ඖෂධිය ගුණය ගැන සලකා බලන විට ලෙඩ රෝග වළක්වා නීරෝගිමත් බව ආරක්ෂා කරනවා මෙන්ම ඇතැම් රෝගවලට ප්‍රතිකාර ලෙසත් කෙසෙල් මුව භාවිත කෙරේ.

"කෙහෙල්මුව බර ආහාරයක් වන අතර මල බද්ධය නැති කරයි. කුස ගින්න වඩවාලයි. වාත රෝග සහ පණු රෝග නසාලයි. ධාතු පෝෂණය කරන අතර රක්ත පිත සහ ලේ ගැලීම් වළක්වයි." යනුවෙන් ආයුර්වේදයේ කෙසෙල් මුව ගැන සඳහන්වේ.

කෙසෙල් මුව සිහින් කැබලිවලට කපා කෙසෙල් දලුවල ඔතා උණු අළු පල්ලේ තම්බා මිරිකා ගත් ඉස්ම අතීසාරය සහ අජීර්ණ රෝගවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. අනෙකුත් එළවළු මෙන් නොව වසවිසෙන් තොර අතුරු ආබාධ සහ අසාත්මිකතා නැති කෙසෙල් මුව පහසු මිලට හෝ ගෙවත්තෙන් සපයා ගත හැකි පෝෂණ පදාර්ථ අඩංගු ඖෂධීය ආහාරයකි.

සටහන - කෝනාර එම්. ගුණපාල
දිනමිණ

More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...