Monday, 05 April 2021 - 15:11
පිරිමි මඳ සරුභාවයට එකම පිළියම දේශීය වෙදකමයි
...
දරුවකු ලබා ගැනීමට ඇති ඉඩකඩ අඩු බව මඳ සරුභාවය ලෙස හැඳින්වේ. අලුත විවාහ පත් යුවළකට වසර දෙකක් යන තෙක් එම කාන්තාවට දරුවකු පිළිසිඳ නොගත් විට මඳ සරුභාවය ඇතැයි පරීක්ෂණ මඟින් නිගමනය කළ හැකිය. මඳ සරුභාවය කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ද බලපාන රෝගි තත්ත්වයකි. එහෙත් සමාජය තුළ බොහෝ විට දක්නට ලැබෙන්නේත් අසන්නට ලැබෙන්නේත් කාන්තාවන්ගේ මඳ සරුභාවය පිළිබඳවය. දරුවන් නොමැති වූ විට සමාජය තුළින් නොයෙක් තාඩන පීඩනවලට ලක්වන්නේත් කාන්තාවන්ය. නමුත් කාන්තාවකට වඩා වැඩිපුර මඳ සරුභාවය පුරුෂයාට තිබිය හැකිය. කාන්තාවන්ගේ මඳ සරුභාවය ඉහළ නැංවිම සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයට හැකි වුව ද පිරිමින්ගේ මඳ සරුභාවයට බටහිර වෙදකම තුළ ඖෂධ නොමැත. අමෙරිකාවට ගිය ද මේ සඳහා ඖෂධ නොමැත. එහෙත් වාසනාවකට දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ඇති අගනා ඖෂධ මඟින් පිරිමින්ගේ මඳ සරුභාවය ඉහළ නංවා දරුවකු පිළිබඳ බලාපොරොත්තු ඇති කර ගත හැකිය.

පිරිමි පුද්ගලයාගේ මඳ සරුභාවය පරීක්ෂා කිරීම සඳහා ඔහුගේ ධාතු පරීක්ෂාව කළ යුතු වේ. මෙය ශුක්‍ර තරල පරීක්ෂාව ලෙස හඳුන්වනු ලබයි. පිරිමි පුද්ගලයාගේ ඇඟ පත හොඳින් තිබූ පමණින් ඔහුගේ බාහිර පෙනුම මත මෙය තීරණය කළ නොහැකිය. හොඳින් ඇඟ පත ඇති අයගේ ද ශුක්‍ර තරලය පිරිහී ගොස් ඇති ආකාරයක් දක්නට ලැබෙන බැවිනි. දරුවකු හැදීමට නම් පිරිමි පුද්ගලයාගේ ශුක්‍ර තරලය ප්‍රශස්ත මට්ටමින් තිබිය යුතු වේ. මෙය පරීක්ෂා කරනු ලබන කොටස් කිහිපයකි.එනම්, ශුක්‍ර තරල ප්‍රමාණය, (මෙය මිලිලීටර් 5කට වඩා තිබිය යුතු වේ.) ශුක්‍රාණු ප්‍රමාණය (සාමාන්‍යයෙන් කෝටි ගණනකි), සක්‍රිය භාවය (චලන හැකියාව), මෙහිදී පරීක්ෂා කෙරේ. බොහෝ පිරිමි පුද්ගලයන්ට ශුක්‍ර තරල දෝෂ ඇති වේ.

මඳ සරුභාවය ඇති වීමට විවිධ හේතු සාධක බලපානු ලැබේ. තරුණ වියේදී පිරිමි ළමයිනට සෑදෙන කම්මුල්ගාය රෝගය නිසා ද මෙම දෝෂ ඇති විය හැකිය. කම්මුල්ගාය හටගනු ලබනුයේ කෙළ ග්‍රන්ථි ආශ්‍රිතවය. ඒවා වෘෂණ කෝෂවලට ප්‍රධාන වශයෙන් බලපායි. මේ නිසා පිරිමි පුද්ගලයන් වඳභාවයට පවා පත් විය හැකි අවස්ථා තිබේ. වර්තමානයේ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර පාන ද මේ සඳහා බලපාන බව සොයා ගෙන ඇත. ශුක්‍රාණු යනු ඉතා සියුම් දෙයකි. මේ නිසා ආහාරයට ගන්නා ද්‍රව්‍යයන් මෙන්ම මත්පැන් පානය, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය ද මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපායි. එමෙන්ම රැකියාවේ ස්වභාවය ද මඳ සරුභාවයට තවත් හේතුවකි. ආතතියෙන් කරනු ලබන රැකියා නිසා ද මෙවැනි ගැටලු පැන නඟී. එමෙන්ම ඇඟ සිර වන ආකාරයෙන් ඇඳුම් ඇඳීම ද තවත් හේතුවක් ලෙස පෙන්වා දිය හැකිය. නැව්, බ්‍රොයිලේරු ආශ්‍රිතව රැකියා කරන අය මෙන්ම රසායනික ද්‍රව්‍යයන් ආශ්වාස ප්‍රශ්වාස කරමින් රැකියා කරනු ලබන පුද්ගලයන්ට ද මෙවැනි ගැටලුකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ.

එමෙන්ම පිළිකා වැනි රෝග සහ වෙනත් රෝගයන් සඳහා භාවිත කරනු ලබන ඖෂධ හේතුවෙන් ද පිරිමි මඳ සරුභාවය ඇති විය හැකිය.

දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ඇති ඖෂධ මඟින් අඩු ශුක්‍රාණු ප්‍රමාණය මිලියනය දක්වා වුව ද වැඩි කර ගත හැකිය. චලන හැකියාව වැඩි කර ගත හැකිය.

දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ඇති වාජීකරණ තන්ත්‍රයෙහි සඳහන් වන්නේ පුද්ගලයකුගේ නීරෝගිභාවය පවත්වා ගෙන යෑමට මෙන්ම පවුල් ජීවිතවල ඇති කටයුතු හොඳින් කර ගෙන යෑම සහ හොඳ දරු පරපුරක් ඇති කර ගන්නේ කෙසේද යන්නය.

කෙනකුගේ ශරීරයේ සප්ත ධාතු පිරිහී ගිය විට ශුක්‍ර ධාතු ද පිරිහේ. ආයුර්වේදයට අනුව මෙම සප්ත ධාතු ඉහළ නංවනු ලබයි. මේ සඳහා ආයුර්වේදය තුළ ඇති ක්‍රම කිහිපයකි. එක් ක්‍රමයක් වන්නේ රසායන බෙහෙත් භාවිතයයි. රසායන බෙහෙත් ලෙස කුෂ්මාණ්ඩ රසායනය, අශ්වගන්ධ රසායනය, වාජීකරණ රසායනය, රණහංස රසායනය, කාමේශ්වර රසායනය, මදන රසායනය ආදිය භාවිත කෙරේ. මීට අමතරව රස වෙදකමට ඇතුළත් රස බෙහෙත් භාවිතය ද මේ සඳහා යොදා ගැනේ. එනම් මකරද්වජ ප්‍රධාන වේ. පල කල්‍යානය, කිරි බදු අල චූර්ණය, බින් තල් පිටි ද මේ සඳහා භාවිත කරනු ලබන ඖෂධ අතර වේ. කැඳ වර්ග ලෙස හාතවාරිය අල සහ කොළ සහ වැල් පෙනෙල බෙහෙවින් ගුණදායකය. ඇඟ ශෝධන කර්ම ද මීට ඇතුළත් වේ. මේ ආකාරයෙන් කරනු ලබන දේශීය ආයුර්වේද ඖෂධ පිළියමෙන් මාස තුනකට පසු වඩාත් පලදායී ප්‍රතිඵල දක්නට ලැබේ.

ආයුර්වේද ඖෂධ භාවිතයේදී ආහාර පාන පිළිබඳව බෙහෙවින් පරිස්සම් විය යුතු අතර හැකි තරම් ස්වාභාවික පලතුරු සහ එළවළු භාවිතය වැදගත් වේ. මස් මාංශ, තෙල් අධික ආහාරවලින් ඈත් විය යුතුය. මෙම දේශීය වෛද්‍ය ප්‍රතිකාර මඟින් පිරිමි මඳ සරු භාවය සියයට සියයක්ම සුව අතට හරවා සාර්ථක දරුපල ලබා ගත හැකිය.

වෛද්‍ය ජයන්ත අමරසිංහ
(MBBS Colombo)
දිස්ත්‍රික් මහ රෝහල, ගම්පහ පාරම්පරික දේශීය වෛද්‍ය ආයුර්වේද අංකය 14393
දිනමිණ


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...