Monday, 05 April 2021 - 16:08
කැළණි බිතු සිතුවම් ග්‍රන්ථය එළි දැකීමට සූදානම්
...
ශ්‍රී ලංකා පුරවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැළණිය බිතු සිතුවම් පිළිබඳ සම්පාදනය කළ උරුමයක අරුමය සිතුවම් ග්‍රන්ථය අප්‍රේල් 8 වැනිදා සවස 4 ට කැළණි රජමහා විහාරයේදී එළි දැක්වීමට නියමිතයි.

මෙවැනි ඓතිහාසික වටිනාකමක් සහිත විශාල ග්‍රන්ථයක් ශ්‍රී ලංකාවේ මුද්‍රණය වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මෙම ග්‍රන්ථයේ පිටපතක මිල රුපියල් 32,900 ක් වන අතර එදින උත්සවයේදී පිටපතක් රුපියල් 20,000ක විශේෂ මිලකට ලබා ගත හැකි වෙනවා.
අඟල් 18 x 25 ප්‍රමාණයේ වර්ණ පිටු 504කින් යුක්ත මෙම ග්‍රන්ථයේ බර කිලෝ 9 කි.

ග්‍රන්ථය සඳහා සෝලියස් මැන්දිස් ශිල්පියාගේ පින්සලින් නිමකළ වර්ග අඩි 11,000ක් තුළ ඇති සිතුවම් සියල්ල ඡායාරූප ගත කර ඇතුළත් කර තිබීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බිතු සිතුවම් සංරක්ෂණ අංශයේ හා ඡායාරූප අංශයේ දස්කමකි.

මුද්‍රිත පිටපත් සංඛ්‍යාව 400 වන නිසා පොත් සංඛ්‍යාව සීමිත වෙයි.


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...