Tuesday, 06 April 2021 - 9:43
මොනවාද මේ ඇෆලොටොක්සීන්?
...
‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්.
‌ප්‍රධාන වශයෙන් නුසුදුසු ලෙස ගබඩා කර ඇති වියලි මිරිස්, ගම්මිරිස්, මෙනේරි, රටකජු, තල ඇට, බඩ ඉරිඟු, සූරියකාන්ත බීජ, තිරිඟු සහ විවිධ කුළුබඩු වැනි ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල ඒවා නිතිපතා දක්නට ලැබෙනවා.
‌මෙම දිලීර මගින් ලෝකයේ ආහාර වලින් 25% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව විනාශ කරන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. (WHO/NHM/FOS/RAM/18.1)
‌පොල්තෙල් වලට මෙය ඇතුලත් වී ඇත්තේ කෙසේද?
‌මෙම දිලීරය ප්‍රධානවශයෙන් තෙල් අඩංගු ආහාර නුසුදුසු ලෙස ගබඩා කිරිමෙදී වර්ධනය වේ. පොල්තෙල් නිෂ්පාදනය කරන කොප්පරා අපරික්ෂාරී ලෙස ගබඩා කිරීම මගින් මෙම දිලීරය අතුලත් වීය හැකිය.
‌මෙමගින් අපට ඇති බලපෑම්?
‌මෙහි බලපෑම් රාශියක් ඇත. එහි බලපෑම් පහත පරිදි වර්ග කල හැක.
‌1. විශාල වශයෙන් එක්වරම ශරීර ගත වීමෙන් ඇතිවන බලපෑම්. (acute intoxication in adults/children )
‌2. කුඩා ප්‍රමාණ වලින් දිගුකාලීනව ඇතිවන බලපෑම්(chronic toxicity). මෙය කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට දෙයාකාරයකින් බලපායි.
‌ඇෆලොටොක්සීන් පිලිකා කාරකයකි. එමගින් අක්මාවේ සහ පිත්තාශයේ පිලිකා ඇතිවීමට බලපායි. ඇෆ්ලාටොක්සින් පරිවෘත්තීය ද්‍රව්‍ය DNA තුලට අන්තර්ග්‍රහණය විම මගින් මෙය සිදුවේ.
‌එමෙන්ම කුඩාදරුවන්ට විශේෂයෙන් අක්‍රමවත් වර්ධනය, වර්ධනය ප්‍රමාද වීම,අක්මාව හානිවීම සහ අක්මා පිළිකා ඇතිවීමට බලපායි.
‌විශේෂ කරුනු - මෙම ව්ෂ කාරකය කෙලින්ම ආහාරයට එකතුවීමට අමතරව, ඒවා අඩංගු ආහාර සත්ව ආහාර ලෙස සතුන්ට ලබාදීම මගින් ඒවා සත්ව දෙහ වල තැන්පත් වී පසුව අප ආහාරයට ගන්නා කුකුල්මස්,බිත්තර වැනි ආහාර මගින්ද ඒවා ශරීර ගත විය හැකි බවට පාකිස්තානයේ සිදුකරන ලද පරීක්ෂණ වලින් තහවුරුවී ඇත.(DOI: 10.1016/j.foodchem.2008.10.077)
‌එසේ නම් අපිට කලහැක්කේ කුමක්ද ?
‌1. ආහාර ද්‍රව්‍ය නිසිලෙස තෙතමනය/ආර්ද්‍රතාව නොවැඩ්වන ලෙස ගබඩා කිරිම, සහ භාවිතයට ගැනීමේදී (විශේෂයෙන් රටකජු,කඩල,පරිප්පු, වියලි මිරිස්, ගම්මිරිස්) පරීක්ෂා කිරීම.
‌2. ආහාර ද්‍රව්‍ය වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට නිසි ආයතන සහ නීති රීති පිහිටුවා ගැනීම.
‌3. දැනුවත්වීම සහ දැනුවත් කිරීම.

 
සචින් යාපා, අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය, නැංජිං වෛද්‍ය විශ්වවිද්‍යාලය, චීනය


උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.


More News
...
Tuesday, 06 April 2021 - 15:30

වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.පරිසරය රැකගැනීම...   Read more

...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Monday, 05 April 2021 - 16:08

ශ්‍රී ලංකා පුරවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැළණිය බිතු සිතුවම් පිළිබඳ සම්පාදනය කළ උරුමයක අරුමය...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...