Tuesday, 06 April 2021 - 15:30
පරිසරයට අහිතකර අවිධිමත් රුක් රෝපණය
...
වර්තමානයේ රුක් රෝපණ බොහෝමයක් අයාලේ සිදු වන බව කල්පනාකාරීව බැලූ විට පෙනෙන කරුණක්.

පරිසරය රැකගැනීම පිළිබඳ මේ දිනවල කරළියට පැමිණ ඇති උද්‍යෝගය තුළින් එය පැහැදිලිව පෙනෙනවා. එනම් වනාන්තරයේ කපන ගස් වෙනුවට නව ගස් වැවීමෙන් පරිසරය රැකෙන බව පැවසීම වැනි වදන් වලිනි.

ස්වභාවික වනයක් කපා දමා රුක් රෝපණයෙන් නැවත එය පුබුදුවාලිය නොහැකි බව සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ආචාර්ය කපිල දිසානායක මහතා සඳහන් කරනවා.

එසේම වනයක පවතින පරිසර පද්ධතිය එහි එක් ගසක් පමණක් නොවන අතර ඒ හා බැඳුණු බොහෝ ජීවී අංගවලින් සමන්විත බවත් ඔහු සඳහන් කරනවා. එනිසා නුවණැති කාර්යය නම් වනාන්තර නොකපා සිටීමයි.

දේශීය දැව සඳහා අවශ්‍යතාව ඉහළ මට්ටමක පවතිනවා. ඒ වෙනුවෙන් දැව ලබා දීම ද ජාතික අවශ්‍යතාවයක්. එනිසා දැනට පවතින සුළු ස්වභාවික වනාන්තර ආරක්ෂා කිරීම සිදු කළ යුතු වෙනවා.

නිසිපරිදි තැනට ගැළපෙන ගස් තෝරා ගැනීම වඩාත් වැදගත් කරුණක්. ගෙවත්තේ හා ආයතනයක විශාල භූමියක රුක් රෝපණය කිරීම එකිනෙක වෙනස් ක්‍රියා පිළිවෙත්වලින් යුක්ත වෙනවා.

සිටුවන ගස් එම ප්‍රදේශයේ ස්වභාවික පරිසරයේ පවතින ගස් වර්ගයක් නම් ඉන් පරිසර සමබරතාව රැක ගනී.

ආහාරමය සහ ආර්ථික අවශ්‍යතාවයට පලතුරු ගස් වගා කළ යුත්තේ ඒ සඳහා සැලසුම් කළ භූමියක විනා මග දෙපස නොවේ. මාර්ගය දෙපස පලතුරු පැළ රෝපණයෙන් සිදු වන්නේ වෙනත් අනතුරුවලට මඟ පාදා ගැනීමකි.

තාවකාලික ප්‍රසිද්ධිය උදෙසා අදූරදර්ශී ක්‍රමයන්ට රුක් රෝපණය කිරීමට වඩා වැදගත් වන්නේ නිසි උපදේශන සහිතව විධිමත් ක්‍රියා මාර්ගයකින් සිදු කිරීමයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම යාමනයට ඍජුව ම දායකත්වය ලබා දෙන, නිසි සම්පත් දායකත්වය ලබා ගත හැකි හොඳම ආයතනය යි.



More News
...
Tuesday, 06 April 2021 - 10:19

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද? ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය...   Read more

...
Tuesday, 06 April 2021 - 9:43

‌ඇෆලොටොක්සීන් (aflatoxin beta 1) කියන්නේ ඇස්පජිලස් (Aspergillus flavus and Aspergillus parasiticus) නම් දිලීර මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක්. ‌ ‌ප්‍රධාන...   Read more

...
Monday, 05 April 2021 - 16:08

ශ්‍රී ලංකා පුරවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැළණිය බිතු සිතුවම් පිළිබඳ සම්පාදනය කළ උරුමයක අරුමය...   Read more

දවසේ වීඩියෝව
logo
    Latest Headlines
    දවසේ කාලගුණ අනාවැකිය
    +28
    °
    C
    H: +28°
    L: +26°
    Colombo
    Saturday, 12 September
    See 7-Day Forecast
    Sun Mon Tue Wed Thu Fri
    +28° +28° +28° +28° +28° +28°
    +26° +26° +26° +26° +26° +26°

    2022 ජුනි මස 30
    කාලගුණයෙන් අවදානාත්මක නිවේදනයත්
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.

    දවසේ කාටුනය
    ...