Wednesday, 07 April 2021 - 10:53
ප‍්‍රයිම් සමූහයේ නව නිවාස ව්‍යාපෘතිය 'The Palace Gampaha'
...
ශ‍්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ප්‍රමුඛ සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද ප‍්‍රයිම් සමූහය විසින් නවමු සංකල්පයක් සමග'The Palace Gampaha' නිවාස ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කරන ලදි.

'The Palace Gampaha'සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් පරිශ‍්‍රය අක්කර 13කට වැඩි වපසරියක් පුරා පැතිර ඇත. නුවර කොළඹ ප‍්‍රධාන මාර්ගයට මීටර් 100ක් තරම් ආසන්නව මෙය ඉදි වන අතර ගම්පහ නගරයට කිලෝමීටර් 2ක් තරම් සමීපයෙහි පිහිටා ඇත. එම නිසා ගම්පහ නගරයෙහි පිහිටි සියලූ ප‍්‍රධාන පෙළේ පාසල්, රෝහල්, සාප්පු සංකීර්ණ, අධ්‍යාපන ආයතන, සිනමාශාලා සහ විනෝද මධ්‍යස්ථානයන්, වැනි පොදු ස්ථානයන් වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව ඇත.
එමෙන්ම ගම්පහ දුම්රියපොළ වෙත විනාඩි 5ක් වැනි සුළු කාලයක් තුළ ළඟා වීමේ හැකියාව ඇති අතර ඉදිවෙමින් පවතින කොළඹ නුවර ප‍්‍රධාන අධිවේගී මාර්ගයෙහි එක් පිවිසුමක් ආසන්නයෙහි මෙම නිවාස සංකීර්ණය පිහිටා ඇත.

රුපියල් මිලියන 9න් ආරම්භ වන මෙම නිවාස වසර තුනක් පුරා ලබා දෙන පොලී රහිත ගෙවිම් ක‍්‍රම හරහා මිලදී ගත හැකි අතරම ඉදිකිරීම් අවසන් වූ පසුව ආයෝජනයෙහි ප‍්‍රතිලාභ කිහිප ගුණයකින් වැඩි වනු ඇත.

පැය 24 පුරාවට ලබා දෙන ආරක්ෂාව, ව්‍යාපාරික මධ්‍යස්ථානය, අමුත්තන්ගේ ආලින්දය, ක‍්‍රීඩාගාරය, රැස්වීම් ශාලාව, පුස්තකාලය, රූපවාහිනි නැරඹුම් ආලින්දය, අවන්හල්, කුඩා සුපිරි වෙළඳසැල්, එලිමහන් භෝජන පහසුකම්, නිවැසියන්ගේ ඇනවුම් මත සේවා සපයන මුළුතැන්ගෙය , ලොන්ඩ‍්‍රි සේවා, කාර්යමණ්ඩල විවේකාගාර, සියලූ පහසුකම් සහිත ව්‍යායාම මධ්‍යස්ථානය, ව්‍යායාම මංතීරු, වෛද්‍ය මධ්‍යස්ථාන, Vegetable Patch, රූපලාවන්‍යාගාර ඇතුළුව 50කට අධික අනෙකුත් පහසුකම්වලින් මෙම නිවාස සංකීර්ණය සමන්විත වනු ඇත.

වේගයෙන් සංවර්ධනය වන දිස්ත‍්‍රික්කයක් ලෙස ගම්පහ නගරයේ දේපළ මිල ගණන් පසුගිය කාලය තුළ ශීඝ‍්‍රයෙන් ඉහළ ගියේය. කර්මාන්ත, කෘෂි සහ සේවා අංශයන්ගෙන් මෙරට දළ දේශීය නිෂ්පාදිතය සඳහා දෙවැනි විශාලතම දායකත්වය ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ලබා දෙන අතර මෙරට ප‍්‍රධාන පෙළේ ප‍්‍රවාහන පහසුකම් සහිත දිස්ත‍්‍රික්කයක් ලෙසද ගම්පහ සැලකේ.


More News
...
Wednesday, 05 May 2021 - 11:50

පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින 21,000කට...   Read more

...
Monday, 03 May 2021 - 15:18

ලොව smart උපාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන OPPO සිය නවතම දුරකථන මාදිලිය වන OPPO A54 දැන් ශ්‍රී ලංකාවට හඳුන්වා...   Read more

...
Wednesday, 28 April 2021 - 11:53

ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට් ලිමිටඞ් විසින් බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් පාරිභෝගිකයින්...   Read more

දවසේ වීඩියෝව