Wednesday, 07 April 2021 - 12:07
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයෙන් නිවේදනයක්
...
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිලි නිවේදනයක් නිකුත් කළා . වතු කම්කරුවන්ගේ වැටුප් සඳහා ලබා දුන් විකල්ප යෝජනාව වඩාත් ඵලදායී බවත් එමගින් දිනකට රුපියල් 1000කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීම සඳහා වතු කම්කරුවන්ට වැඩි හැකියාවක් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම කලාපීය වැවිලි සමාගම් (RPC’s) මේ පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කිරීමට කැපවී සිටින බවද මෙම නිවේදයෙන් ඔවුන් සඳහන් කළා. කෙසේවෙතත් රුපියල් 1000ක දෛනික ස්ථිර වැටුප් ආකෘතිය තිරසාර ආදායම් ආකෘතියක් නොවන බවත් ඉදිරිපත් කරන ලද හා ප‍්‍රතික්ෂේප කරන ලද ඉපැයීම් ආකෘතිය මගින් වතු කම්කරුවන්ට විශාල ධනාත්මක බලපෑමක් සිදු කළ හැකිව තිබූ බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය නැවත අවධාරණය කරනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ‘‘මෙය මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතින සාම්ප‍්‍රදායික වැටුප් යෝජනා ආකෘතියෙන් බැහැර වීමට තිබූ ඉතා හොඳ අවස්ථාවක් වන අතර එමගින් නිසැකවම වතු කම්කරුවන්ගේ ජීවනෝපායන් විශාල වශයෙන් ඉහළ නැංවීමට හැකියාව තිබූ යෝජනාවලියක්.’’ යනුවෙන්.


More News
...
Wednesday, 05 May 2021 - 11:50

පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින 21,000කට...   Read more

...
Monday, 03 May 2021 - 15:18

ලොව smart උපාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන OPPO සිය නවතම දුරකථන මාදිලිය වන OPPO A54 දැන් ශ්‍රී ලංකාවට හඳුන්වා...   Read more

...
Wednesday, 28 April 2021 - 11:53

ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට් ලිමිටඞ් විසින් බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් පාරිභෝගිකයින්...   Read more

දවසේ වීඩියෝව