Wednesday, 07 April 2021 - 14:41
‘OPPO එරබදු වාසි’ නැවතත්
...
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නැවතත් ‘OPPO එරබදු වාසි’ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. පාරිභෝගිකයන්ට සුවිශේෂී වට්ටම් හා දීමනා ලබාදෙන මෙම වැඩසටහන 2021 අප්‍රේල් 02 දින සිට 2021 අප්‍රේල් 13 දින දක්වා ක්‍රියාත්මකයි.

මෙම වැඩසටහන යටතේ, තම පැරණි OPPO දුරකථනය වෙනුවට, අලුතින් හඳුන්වා දුන් OPPO F19 Pro දුරකථනයක් මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට OPPO Enco W11 උපාංගයක් නොමිලේ හිමිවන අතර, OPPO F17 මාදිලියේ දුරකථනයක් මිලදී ගැනීමේදී 50% ක වට්ටමක් හිමිවනු ඇත. මෙම මාදිලි දෙකටම දර්ශන තිරය සඳහා මාස 6 ක රක්ෂණාවරණයක් හිමි වේ.

මීට අමතරව ‘OPPO සර්විස් වාසි’ වැඩසටහන යටතේ 2021 අප්‍රේල් 05 දින සිට 2021 අප්‍රේල් 18 දින දක්වා සියලුම අලුත්වැඩියාවන් සඳහා 10% ක වට්ටමක් හිමිවන අතර, උපාංග මිලදී ගැනීමේදී 20% ක වට්ටමක් සහ අප්‍රේල් 10 දිනට යෙදෙන සේවා දිනයේදී සේවාවන් ලබාගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ට සුවිශේෂී වාසි රැසක් සැලසේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන කාලසීමාව තුළ OPPO සේවා මධ්‍යස්ථානයේදී මෘදුකාංග යාවත්කාලීන කිරීම් සහ තවත් එවැනි සේවාවන් රැසක් නොමිලේ ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

දිවයින පුරා සියලුම OPPO ප්‍රදර්ශනාගාර, අබාන්ස්, සිංහගිරි සහ ඩයලොග් ප්‍රදර්ශනාගාර මෙන්ම Buy Abans සහ Daraz.lk වැනි අන්තර්ජාල අලෙවිසැල් ඔස්සේද මෙම දීමනා ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වේ.


More News
...
Wednesday, 05 May 2021 - 11:50

පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින 21,000කට...   Read more

...
Monday, 03 May 2021 - 15:18

ලොව smart උපාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන OPPO සිය නවතම දුරකථන මාදිලිය වන OPPO A54 දැන් ශ්‍රී ලංකාවට හඳුන්වා...   Read more

...
Wednesday, 28 April 2021 - 11:53

ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප‍්‍රයිවට් ලිමිටඞ් විසින් බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් පාරිභෝගිකයින්...   Read more

දවසේ වීඩියෝව