Tuesday, 13 April 2021 - 8:29
ඇමරිකාව යළි නොසන්සුන්
...


ඇමරිකා එක්සත් ජනපදයේ මින්නියාපොලිස් ප්‍රදේශයේ බෲක්ලින් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පොලීසිය විසින් කළු ජාතික තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ එහි නොසන්සුන්කාරී තත්වයක් පැනනැගී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඩෝන්ටේ රයිට් නැමති 20 හැවිරිදි තරුණයෙක්.

මෙම සිද්ධිය වාර්තාවන්නේ මින්නියාපොලිස් හිදී ජෝජ් ෆ්ලොයිඩ් නැමති කළු ජාතිකයා සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් දණහිසෙන් සිරකොට ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ නඩු විභාගය පැවැත්වෙද්දියි.

මෙම සිද්ධිය වාර්තාවන්නේ එම නඩු විභාගය සිදුවන අධිකරණයට ආසන්න ප්‍රදේශයකයි.

පොලිසිය සිදුකළ  වෙඩි ප්‍රහාරයත් සමග සිය ගණනක් ජනතාව බෲක්ලින් නගරයේ පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවල නිරතවූ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පැනවීමට නගරාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.


More News
...
Tuesday, 11 May 2021 - 12:37

බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට නළුවකු වන අමිතාබ් බච්චන් දිල්ලියේ ‘කොවිඩ්-19’ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට...   Read more

...
Tuesday, 11 May 2021 - 10:16

ජුනි 7 දක්වා මැලේසියාව සම්පුර්ණයෙන්ම මැලේෂියාව වසා දමා තිබෙනවා.කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම...   Read more

...
Tuesday, 11 May 2021 - 7:50

කොරෝනා වයිරසය අසාදනයවී මියගිය ඉන්දීය ජාතිකයන්ගේ මළ සිරුරු 100 ක්පමණ ඉන්දියාවේ ගංගා නදියේ ඉව්වරට...   Read more

දවසේ වීඩියෝව