Tuesday, 13 April 2021 - 8:35
ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් ව්‍යාපාර කටයුතු අත්හිටුවයි
...


ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31  - 1 වගන්තිය ප්‍රකාරව ඊයේ පස්වරු 5 සිට බල පැවැත්වෙන පරිදි මෙම අත්හිටුවීම සිදුකර ඇති බවයි.

ආයතනයේ  මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථා තත්ත්වයට පත් කිරීම සදහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතුකොටගෙන, මුදල් මණ්ඩලය පසුගිය වසරේ ජුලි මස 13 වන දා සිට බල පැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් සහ එහි මව් සමාගම වන ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු ජුලි මස 10 වන දා අත්හිටුවනු ලැබුවා.

එම ව්‍යාපාර කටයුතු අත්හිටුවීම මේ වසරේ ජනවාරි මස 12 වන දා දක්වා බල පැවැත්වුණා.

ව්‍යාපාර කටයුතු අත්හිට වූ මාස 6ක කාලසීමාව නිමා වන විට ද ප්‍රාග්ධන යෙදවීමක් මගින් ආයතනය නැවත යථා තත්ත්වයට පත්කිරීම සදහා ක්‍රියාත්මක කළ හැකි යෝජනාවලියක් ඉදිරිපත් නොවූ අතර ආයතනයෙහි මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වූ බවයි මහබැංකුව සදහන් කළේ.


More News
...
Tuesday, 11 May 2021 - 14:15

කොරෝනා ආසාදිත එහෙත් අවදානමක් නැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ...   Read more

...
Tuesday, 11 May 2021 - 13:37

කොවිඞ් සම්බන්ධව ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දී එම තත්ත්වයන් මැඬලීමට මෙරට සෞඛ්‍ය...   Read more

...
Tuesday, 11 May 2021 - 13:29

කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කයන්හි කොරෝනා එන්නත්කරණය අද දිනයේ ක්‍රියාත්මක වනවා.ඒ අතරින් තමනට...   Read more

දවසේ වීඩියෝව