Tuesday, 13 April 2021 - 9:48
තමිල්නාඩුව සීරුවෙන්
...


අල් කයිඩා – අයි එස් අයි එස් ඇතුලු ත්‍රස්ත සංවිධාන 11 ක් තහණම් කිරිමට ශ්‍රී ලංකාව ගත් පියවරත් සමග ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ වෙරළ තීරයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

ඒ අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන් ඉන්දියාවට ඇතුලුවිය හැකි බවට අනතුරු ඇගවීමත් සමගයි.

ප්‍රාන්ත පොලිස් අධ්‍යක්ෂ ජේ කේ ත්‍රිපති විසින් සියලුම පොලිස් කොමසාරිස්වරුන් – පොලිස් අධිකාරීවරුන් වෙත නිවේදනයක් යොමු කරමින් දන්වා ඇත්තේ ගුවන් මගින් හෝ මුහුදු මාර්ගයෙන් එවැනි අන්තවාදීන් රට තුළට ඇතුලුවිය හැකි බවයි.

ශ්‍රී ලංකාවට ආසන්නයෙන්ම පිහිටා ඇති ප්‍රාන්තය ලෙස තමිල්නාඩුවට මෙවැනි පුහුණුව ලත් ත්‍රස්තයන් ඇතුලුවීමේ වැඩි ඉඩක් පවතින බවද එම නිවේදනයේ දක්වා තිබෙනවා.

ධීවර යාත්‍රා වල සැගවී මෙවැනි අන්තවාදීන් පැමිණීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක පවතින බවයි තමිල්නාඩු ප්‍රාන්ත පොලිස් අධ්‍යක්ෂ ජේ කේ ත්‍රිපති වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඒ අනුව අවධානම් සියලු ස්ථානවල ආරක්ෂාව තර කරන ලෙසටද ඔහු දැනුම් දී තිබෙනවා.


More News
...
Tuesday, 11 May 2021 - 14:15

කොරෝනා ආසාදිත එහෙත් අවදානමක් නැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ...   Read more

...
Tuesday, 11 May 2021 - 13:37

කොවිඞ් සම්බන්ධව ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දී එම තත්ත්වයන් මැඬලීමට මෙරට සෞඛ්‍ය...   Read more

...
Tuesday, 11 May 2021 - 13:29

කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කයන්හි කොරෝනා එන්නත්කරණය අද දිනයේ ක්‍රියාත්මක වනවා.ඒ අතරින් තමනට...   Read more

දවසේ වීඩියෝව